leader s

පෝලන්තය ගිනි අවි උණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීමට සැරසේ.


ඒ වෙනුවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 750 ක ආයෝජනයක් පාර්ලිමේන්තු පනතක් මගින් සම්මත කර තිබේ. ඉදිරි රුසියානු ප්‍රහාරයකදී, ප්‍රතිප්‍රහාර පිණිස, අමතර සංචිත පවත්වාගැනීම  එහි අරමුණයි.

2022 වසරේ, රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග පෝලන්තය, එරට ආර්ථික පරිමාවට සාපේක්ෂව  වැඩිම ආරක්ෂක පිරිවැය දැරූ  නැටෝ (NATO) සාමාජිකයා බවට පත්විය. 2025 වසරේ පෝලන්ත  අය වැයෙන්, ඒ සඳහා එරට  දළ දේශීය නිෂ්පාදිතයෙන්  4.7%ක් වෙන් කොට තිබේ.

ඒ අනුව, පෝලන්ත හමුදාවල භාවිතය පිණිස එම උණ්ඩ නිෂ්පාදනය සම්බන්ධ  සියලු ක්‍රියාකාරකම් වෙනුවෙන් අදාළ පනත් කෙටුම්පතින් මූල්‍ය ප්‍රතිපාදන  වෙන් කෙරේ.

යුක්‍රේන යුද්ධයෙන්  අනතුරුව, සිය හමුදා ශක්තිය ප්‍රවර්ධනය කර, ඉදිරි පස් වසරක  හෝ අට වසරක කාලය  තුළ, රුසියාව නැටෝ සාමාජික රටවලට පහර දීමට සැලසුම් කර ඇතැයි එම සංවිධානය එහි  සාමාජික රටවලට දැනුම් දී තිබේ.  

එහෙත්, එම බටහිර මාධ්‍ය ප්‍රකාශ සාවද්‍ය බව රුසියාව කියා සිටී. මේ වන විට, නැටෝ සාමාජික රටවලට පහර දීමේ සූදානමක් නැතැයි, රුසියාව පවසයි.

පෝලන්තයේ නව ආරක්ෂක වැඩපිළිවෙළ  යටතේ මිලි මීටර 155 උණ්ඩ නිෂ්පාදනය ප්‍රවර්ධනයට වැඩි ඉඩක් ලබා දී තිබේ.

 

(සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්