අමෙරිකානු ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම තවදුරටත් සිදුවෙමින් පවති.
විදෙස් වාර්තා පැවසුවේ, අද (06) උදෑසන 6.00 වනවිට කෙන්ටකි, ඉන්ඩියානා, දකුණු කැරොලිනා, උතුරු කැරොලිනා, වර්මොන්ට්, වර්ජිනියා බටහිර වර්ජිනියා,සහ ඔහායෝ යන ප්‍රාන්තවල ඡන්ද විමසීම අවසන් වූ බවයි.
කෙසේ නමුත් අමෙරිකාවේ වේලා කලාප කිහිපයක් ක්‍රියාත්මක බැවින් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීම අද පස්වරුව දක්වා සිදු කෙරෙනු ඇති.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තීරණාත්මක ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් එල්ල වූ යම් තර්ජන හේතුවෙන් එම මධ්‍යස්ථාන තාවකාලිකව වසා දැමීමට සිදු වූ බවයි.
අමෙරිකාවේ වේලා කලාප කිහිපයක් ක්‍රියාත්මක බැවින් ඇතැම් ප්‍රාන්තවල ඡන්ද විමසීම අද පස්වරුව දක්වා සිදු කෙරෙනු ඇති.කෙසේ නමුත් එම තත්ත්වයන් පහව ගිය පසු ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා වුණු ඡන්ද මධ්‍යස්ථාන, අමතර වේලාවක් සඳහා විවෘතව තැබුණු බව විදෙස් වාර්තාවල සඳහන් විය.
ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකු වන රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඩ් ට්‍රම්ප්, ෆ්ලොරිඩා ප්‍රන්තයේදී සිය ඡන්දය පළ කළේ ය.
කැලිෆෝනියා ප්‍රාන්තයේ ඡන්ද දායකයෙකු වන ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් ඊයේ සඳහන් කළේ, ඇය තැපෑලෙන් සිය ඡන්දය භාවිත කළ බවයි.
ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින නාසා ආයතනයේ ගගනගාමීන්ද සිය ඡන්දය පළ කර ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් විය.
කරට කර සටහනක්...
විදෙස් මාධ්‍ය වාර්තාකර ඇති පරිදි ඇමරිකාවේ ජනාධිපතිවරණයේ පළමු ජන්ද විමසීම මේ වන විට අවසන් වී ඇත.
ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් සහ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අතර මෙවර ජනාධිපතිවරණයේදී තියුණු සටනක් පවතින බවය එම වාර්තාවලින් අනාවරණය වේ.
ඒ අනුව ඉන්දියානා සහ කෙන්ටකි ප්‍රන්තයේද වර්මොන්ට් ප්‍රන්තයේද මේ වන විට ජන්ද ප්‍රතිඵල නිකුත් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
කෙන්ටකි ප්‍රාන්තය ඡන්ද අටක්ද ඉන්දියානා ප්‍රාන්තය ජන්ද 11ක්ද ලබා ගෙන හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ. වර්මොන්ට් ප්‍රාන්තයේද ජන්ද 03ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.කෙන්ටකි ප්‍රාන්තය ඡන්ද අටක්ද ඉන්දියානා ප්‍රාන්තය ජන්ද 11ක්ද ලබා ගෙන හිටපු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.
වර්මොන්ට් ප්‍රාන්තයේද ජන්ද 03ක් ලබා ගනිමින් ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් ජයග්‍රහණය කර ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් ඇරිසෝනා, ජෝර්ජියා, මිචිගන්, නෙවාඩා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා සහ විස්කොන්සින් යන ප්‍රාන්ත මැතිවරණ සිතියමට අනුව යුද පිටියේ ප්‍රාන්ත ලෙස හඳුන්වා ඇත.
විදෙස් මාධ්‍ය පවසන්නේ මෙම ප්‍රාන්තයන්හි ඡන්ද ප්‍රතිඵල ඇමරිකානු ජනපතිවරණයේ තීරණාත්මක සාධකයක් වනු ඇති බවයි. කෙසේවෙතත් ජනාධිපති ධූරය දිනා ගැනීමට නම් අපේක්ෂකයෙකුට ඡන්ද 270ක් අවශ්‍ය වේ.






