leader s

ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඉරාන ජන ජීවිතයට කිසිදු බලපෑමක් නොවන බව එරට රාජ්‍ය  ප්‍රකාශක ෆටෙමේ මොහජෙරනි

(Fatemeh Mohajerani) පවසයි.

ඊයේ පැවති, එක්සත් ජනපද ජනපතිවරණ ජය ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තහවුරු කර ගනිමින් ඇති බවට වාර්තා පළවීමත් සමග ඉරානය එම නිවේදනය නිකුත් කළේය.

ධුරයේ දිවුරුම් දීමෙන් පසු, ට්‍රම්ප් විසින් ඉරානය වෙත දැඩි සම්බාධක පැනවීමේ සූදානමක් පවතින බවත්, ඉරාන න්‍යෂ්ටික මර්මස්ථාන වෙත පහර දීමට  සහ ඉරානය තුළ ඝාතන සිදු කිරීම පිණිස, ඊශ්‍රායලය තවදුරටත් බල ගන්වනු ඇති බවත්, අරාබි සහ බටහිර රාජ්‍ය බලධාරීන් උපුටා දක්වමින් රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

"එක්සත් ජනපද ජනපතිවරණය ගැන අපට කොහෙත්ම වැඩක් නෑ. අප සතුව ඇත්තේ ස්ථාවර ප්‍රතිපත්ති මිස, යන එන චරිත  මත රැඳෙන තාවකාලික ප්‍රතිපත්ති නොවේ. අනතුර දුර තියා දැක, ඊට අවශ්‍ය නිසි පියවර අප විසින් කල් තියා ගෙන තිබෙනවා. ඒ නිසා, ඔය ජනපතිවරණය මත ඉරානයේ ජන ජීවිතය වෙනස් වන්නේ නෑ,"  යි, මොහජෙරනි විසින් එරට අර්ධ - රාජ්‍ය හිමිකාරිත්වයෙන් යුත් ටස්නිම් ( Tasnim) පුවත් ඒජන්සියට ප්‍රකාශ කර තිබේ.

ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිලිබඳ, ඉරාන විප්ලවීය හමුදාවද සැලකිය යුතු කිසිත් ප්‍රකාශ කර නැති මුත්, ටෙහෙරානය සහ මිත්‍ර සන්නද්ධ කණ්ඩායම්, ඕනෑම මොහොතක ඊශ්‍රායලය වෙත පහර දීමට සූදානමින් පසුවන බව දන්වා ඇත.

"අපව යටත් කිරීමේ ශක්තිය ඔවුන් සතුව නොමැති බව දැනගත යුතුයි. ඒ වගේම, ඔවුන් අපේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් ද රැඳී සිටිය යුතුයි. ඒ වෙනුවෙන්, අප අවි ගබඩා සතුව, ඕනෑවටත් වඩා අවි ආයුධ තිබෙනවා. අපේ සොල්දාදුවන් සිව් දෙනකු දිවි දුන්, ඔක්තෝබර 25 ඊශ්‍රායල ප්‍රහාර වලට, ඉරානය ප්‍රති ප්‍රහාර එල්ල කිරීමට අපේක්ෂා කරනවා.  ඔව්,  අපි එහෙම කරනවා," යි, ඉරාන විප්ලවීය බලකා නියෝජ්‍ය ප්‍රධානී, අලි ෆදාවී (Ali Fadavi) අද පැවසීය.

ඊට පෙර ඇමෙරිකා - ඊශ්‍රායල හවුල ඉරානය වෙත යළි  පහර දිය හැකි බවට  සැකයද එරට තුළ පවතී.

මීට පෙර, සිය ප්‍රථම ධුර කාලය තුළ, ට්‍රම්ප්, ඉරානය වෙත දැඩි ආර්ථික සම්බාධක පනවමින්, ඉරානය සහ ලෝක බලවතුන් අතර ඇති කරගත්, ආර්ථික ප්‍රතිලාභ හුවමාරුව පිණිස වූ, 2015 න්‍යෂ්ටික ගිවිසුමෙන් ද ඉවත් විය.

2018, එක්සත් ජනපද සම්බාධක මගින් ඉරාන තෙල් වෙළඳපොල ට එල්ල කළ බලපෑමෙන් එරට රාජ්‍ය ආදායම මුළුමනින්ම ක්ෂය මට්ටම තෙක් අද වැටිණි. ඉරාන රජය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වූ අතර, ඉහළ බදු මුදල් අය කිරීමට සිදු විය. ඒ හේතුවෙන් අය වැය පරතරය ද වර්ධනය විය. උද්ධමනය 40% තෙක් ඉහළ ගියේය.

ඇමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵල අබියස ඉරානයේ මූල්‍ය අර්බුදය දැන් තවදුරටත් අවදානම් අඩියකට වැටෙමින් පවතී. අන් කවරදාවත් නොවූ පරිදි, විවෘත වෙළඳපොළ, ඇමෙරිකානු ඩොලරයක අද වටිනාකකම ඉරාන රියාල් 700,000 තෙක් ඉහළ ගොස් තිබේ.

(Reuters  ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්