leader s

නැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නයේ බාල්බෙක් වෙත ඊයේ, එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.


අද අළුයම දකුණු බද බීරුත් ප්‍රදේශ වෙත ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල විය.  

ඊයේ ප්‍රහාර වලින් 53 දෙනකු තුවාළ ලබා ඇතැයි, ලෙබනන සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඊයේ සිටම අදාළ ප්‍රදේශ වෙතින් ඉවත්වන ලෙස ජනතාවට දැනුම් දීම් සිදු කිරීමෙන් අනතුරුව, එම ප්‍රහාර එල්ල කර තිබේ.


f6d53a30 9ca9 11ef 8f68 b3f4c7458b50.jpgනැගෙනහිර ලෙබනනයේ බෙකා නිම්නයේ බාල්බෙක් වෙත ඊයේ, එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් 40 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

 

අද අළුයම, අවම වශයෙන් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හතරක්වත් එල්ල වූ බව ලෙබනන මාධ්‍ය වාර්තා කරයි. එම නවතම ප්‍රහාරවලින් සිදුවූ අනතුරු කිසිත් මෙතෙක් වාර්තා වී නැත.


දෙරට අතර සන්නද්ධ අරගලයට දේශපාලන විසඳුමක් පෙනෙන්නට නැතැයි හිස්බුල්ලා සංවිධානයේ මහලේකම් නයීම් ඛසෙම් ඊයේ පැවසීය. එහෙත්, ඊශ්‍රායලය සිය ප්‍රහාර නවත්වන්නේ නම්, ලෙබනන රජය ඔස්සේ, සටන් විරාමයක් පිලිබඳ වක්‍ර සාකච්ඡා පිණිස දොරටු විවර විය හැකි බවද ඔහු පැවසීය.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා සංවිධානය අතර වසරක පමණ සටන්වලින්, මේ වන විට, ලෙබනනයේ පුද්ගලයින් 3000කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇත. ඉන් වැඩි පිරිසක් මරණයට පත් වූයේ, පසු ගිය සති හය තුළ පැවති ගැටුම් වලිනි.

 
(විදෙස් මාධ්‍ය ඇසුරින් සටහන; හ ර් ෂ  උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්