ජර්මනියේ සන්ධාන රජය ඊයේ (06) කඩා වැටිණි.
ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගෙන පැය කිහිපයකට පසුව ජර්මන් චාන්චාසලර් ඔලාෆ් ස්කොල්ස් (Olaf Scholz) සිය මුදල් අමාත්‍යවරයා ධුරයෙන් පහ කර, හදිසි මැතිවරණයක් කැඳවීමට පියවර ගත්තේය.

එලෙස බලයෙන් පහ කෙරුණේ ජර්මානු මුදල් අමාත්‍ය ධුරය හෙබවූ ක්‍රිස්ටියන් ලින්ඩ්නර් (Christian Lindner) ය. ඔහු සන්ධාන රජයේ, නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ සාමාජිකයෙකි.
ලබන වසරේ මාර්තු මස හදිසි මැතිවරණයක් පැවැත්වීමට හැකි වන පරිදි එළඹෙන ජනවාරි 5 දා ට රජයේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් කරන බව ස්කොල්ස් පැවසීය. එතෙක්, ඔහුගේ නායකත්වය යටතේ ජර්මනිය තුළ සුළුතර රජයක් ක්‍රියාත්මකය.
මැතිවරණය තෙක් අත්‍යවශ්‍ය මූල්‍ය අණ පනත් ක්‍රියාත්මක කිරීම පිණිස අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරය උදෙසා විපක්ෂ සහාය පතන බවද ජර්මානු චන්සලර්වරයා පවසයි.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
German coalition collapses: What comes next?






