ඇමෙරිකානු ජනපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ලද ජයග්‍රහණය එරට කළු ජාතිකයින් බහුතරයක් අතර ඉදිරිය පිලිබඳ බිය, සැක මුසු තත්ත්වයක් උදා කර තිබේ.
එරට වෙසෙන කළු ජාතිකයින් බහුතරය සිය ඡන්දය ප්‍රජාතන්ත්‍රවාදී අපේක්ෂිකා කමලා හැරිස් වෙත ලබා දී තිබිණි.
එහෙත්, උතුරු කැරොලිනාව ඇතුළු ප්‍රාන්ත කිහිපයකින් ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත ද කළු ජාතික ඡන්ද හිමි විය. 2020 මෙන් මෙවරද ඔහුට හිමි වූයේ, යම් ස්ථාවර කළු ජාතික ඡන්ද සුළු ප්‍රමාණයක් පමණි. එහි පැහැදිලි වර්ධනයක් දක්නට නැතැයි රොයිටර්ස් පුවත් සේවය ද පවසයි. එම වසරේ, ප්‍රතිවාදී ජෝ බයිඩන් ගේ ජනපතිවරණ ජයග්‍රහණය උදෙසා කළු ජාතික ඡන්ද බෙහෙවින් බලපෑවේය.
එරට ප්‍රථම කළු ජාතික, ආසියානු සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් පත් වූවාය.
බයිඩන් ගේ ජයග්‍රහණයත් සමග එරට ප්‍රථම කළු ජාතික, ආසියානු සම්භවයක් සහිත ඇමෙරිකානු ජාතික උප ජනාධිපතිනිය ලෙස කමලා හැරිස් පත් වූවාය. ඉකුත් දා ජනපතිවරණයෙන් ජය ගත්තේ නම්, ඇය ඇමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම ජනපතිවරිය බවට පත්වන්නීය.
ඇමෙරිකාව තුළ බොහෝ කළු ජාතිකයින් දෙවන ට්‍රම්ප් ධුර කාලයක් පිලිබඳ ඉමහත් කනස්සල්ලට පත්ව සිටිති.
ඔහු විසින් යෝජිත නව ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම තුළින් කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් තවදුරටත් අහෝසි වනු ඇතැයි ඔවුහු පවසති. ඔහුගේ වර්ගවාදී කාමුක වාග් විලාශය, කළු ඇමෙරිකානුවන් පිලිබඳ ලතෙත් බවක් ඔහුගේ හදෙහි නොවන බවට කදිම සාක්ෂියකැයි ඔවුහු කියා සිටිති.
ට්‍රම්ප්, කළු ජාතිකයින් පිලිබඳ ඉතා පහත් ආකල්ප දරන බව ඒ බොහෝ දෙනකුගේ මතයය.
ට්‍රම්ප්, කළු ජාතිකයින් පිලිබඳ ඉතා පහත් ආකල්ප දරන බව ඒ බොහෝ දෙනකුගේ මතයය.
නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස ඇමෙරිකාවට පැමිණි කළු ජාතිකයින්, ඔවුන්ට හිමි ගේ දොර මෙහෙකාර රැකියා සහ උද්‍යානාලංකාර කටයුතු වැනි දෑ පමණක් සිදු කරමින් විසිය යුතුය, යනු ට්‍රම්ප් ගේ මතය බව කළු ජාතිකයෝ විශ්වාස කරති. ඇමෙරිකාවේ කළු ජාතිකයින්ට හිමි 'කළු රැකියා' බව, ඉකුත් ජුලි මස එරට කළු ජාතික මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ට්‍රම්ප් කියා සිටියේය. එහෙත්, තමා වර්ගවාදියකු වන බවට සිදු කෙරෙන ප්‍රකාශ සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ආර්ථික න්‍යාය පත්‍රය තුළ, බදු සහන සහ නිවාස ගාස්තු අඩු කිරීම්, මෙන්ම සියළු ඇමෙරිකානුවන් ඉලක්ක කරගත් රැකියා උත්පාදන වැඩසටහන් පවතින බව ද ට්‍රම්ප් කියා සිටී.
කෙසේවුවත්, කළු ජාතික ව්‍යවසායකයින් ඇතුළු එරට බහුතර කළු ජාතික ප්‍රජාව මෙවර සිය මනාපය ලබා දුන්නේ කමලා හැරිස්ටය. ඇගේ ජයග්‍රහණය එක්සත් ජනපදය එක්සේසත් කර සියලු ජනවර්ග අතර සමානාත්මතාවය උදා කරනු ඇතැයි ඔවුහු උදක්ම විශ්වාස කළහ.

සිය ප්‍රථම කළු ජාතික ජනපතිවරිය, කමලා හැරිස් එනතුරු නොඉවසිල්ලෙන් සහ මහත් උද්දාමයෙන් බලා සිටි බහුතර කළු ඇමෙරිකානුවන් ට්‍රම්ප් ජයග්‍රහණයෙන් විශාල මානසික කම්පනයකට පත්ව ඇතැයි ජෝර්ජ්ටවුන් විශ්වවිද්‍යාලයේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ ස්ත්‍රීත්වය පිලිබඳ අධ්‍යයන වැඩසටහනේ අධ්‍යක්ෂිකා නාදියා බ්‍රවුන් (Nadia Brown) පවසයි.
ට්‍රම්ප් ගේ ජයග්‍රහණය, වර්ගවාදයට එරෙහි සටන ලද පන්නරයක් සහ ආශිර්වාදයක් බව ද එරට ඇතැම් සිවිල් ක්‍රියාකාරී කණ්ඩායම් පවසති. වර්ගවාදයට එරෙහි සටන නව ජවයකින් සහ නව මුහුණුවරකින් ඇමෙරිකාවේ අස්සක් මුල්ලක් නෑර ක්‍රියාත්මක කරන බව ඔවුහු පවසති. ට්‍රම්ප් ගේ ජයග්‍රහණයට ඔවුන් නිහඬ කළ නොහැකි බව ඔවුහු කියා සිටිති.

එක්සත් ජනපදයේ සිටින නීති විරෝධී සංක්‍රමණිකයින්, 'සිය දේශයේ රුධිරයට වස මුසු කර ඇතැයි,' ට්‍රම්ප් චෝදනා කරයි.
ඔහියෝ නුවර වාසී හයිටි ජන කොටස්, බළලුන් සහ සුනඛයින් මරා අනුභව කරන බව ඔහු කියයි. කළු ජාතිකයින්, සුදු ජාතියට එරෙහිව සිදු කරන සියලු නොපනත්කම් වලට එරෙහි දැඩි පියවර ගන්නා බව ඔහු විසින් පොරොන්දු දී තිබේ. කමලා හැරිස් සිය කළු ජාතිකත්වය සඟවා කටයුතු කරන බව ඉකුත් ජුලි මස කළු ජාතික මාධ්‍යවෙදීන් ඇමතූ ට්‍රම්ප් ප්‍රකාශ කළේය.

මෙවර ඇමෙරිකානු ජනපතිවරණයේදී, එරට සමස්ත කළු ජාතික ඡන්ද ප්‍රතිශතයෙන් 86%ක් ම කමලා හැරිස් හිමි කරගත්තාය. ට්‍රම්ප්ට හිමි වූයේ ඉන් 12%ක් පමණි. හැරිස් ලද එම ප්‍රතිශතය 2020 ජනපතිවරණයේ ජෝ බයිඩන් ගේ ජයග්‍රහණයට මග පෑදූ කළු ජාතික ඡන්ද ප්‍රතිශතයට සමාන අගයකි.
මෙවර, එරට සමස්ත කළු ජාතික කාන්තා ඡන්ද ප්‍රතිශතයෙන් 92%ක්ම හිමි වූයේ ද කමලා හැරිස්ටය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Black Americans express fears, resolve after Trump's victory






