ගාසා තීරයේ ඉකුත් පැය 24 ක ආසන්න කාලයක සිදු කළ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ 44 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ඉන් වැඩි පිරිස ළමුන් බව වාර්තා වේ.
එහි, දකුණු වෙරළ තීරයේ මවාසි (Mawasi) වෙත එම ප්‍රහාර එල්ල කර තිබේ. එය, සිය දහස් ගණනක අවතැන් පලස්තීනුවන් රැඳී සිටින සරණාගත කලාපයක් ද වේ.
ප්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත් ළමුන් පිරිස වීදියේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙමින් සිටි බව දෙමාපියෝ පවසති. කිසිදු ඉලක්කයකින් තොරව ඔවුන් වෙත ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල කළ බව ඔවුහු කියා සිටිති.
ඊශ්‍රායල ප්‍රහාරවලින්, මේ වන විට, ගාසා තීරයේ 43,500 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව, තවත් 10,000 කට අධික පිරිසක් අතුරුදන්වී හෝ මළ සිරුරු සුන්බුන් අතර සිරවී ඇතැයි පලස්තීන සෞඛ්‍ය අංශ සඳහන් කරයි. එම ප්‍රාරවලින් මියගිය 70% ක ප්‍රතිශතයක් කාන්තාවන් හා කුඩා ළමුන් බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය සිකුරාදා (8) එළි දැක්වූ වාර්තාවකින් ප්‍රකාශයට පත් කළේය.

එහෙත්, ජිනීවා නුවර ඊශ්‍රායල රාජ්‍යතාන්ත්‍රික කාර්යාලය විසින් එම චෝදනා එකහෙළා ප්‍රතික්ෂේප කොට තිබේ.
ගාසා තීරයේ ඊයේ සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර වලින්, මාධ්‍යවේදීන් දෙදනකු ද ඝාතනය වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය පවසයි.
අවතැන් පුද්ගලයින් වෙසෙන ප්‍රදේශ වෙත ඊයේ අමානුෂික ලෙස ප්‍රහාර එල්ල කිරීමට හේතු ඊශ්‍රායලය විසින් මෙතෙක් ප්‍රකාශ කර නැත.

පසුගිය මස පුරා, උතුරු ගාසා තීරයේ දැවැන්ත ඊශ්‍රායල හමුදා මෙහෙයුම් සිදු කෙරිණි. ඉන්, විශාල පිරිසක් ඝාතනය වූ අතර එවැනිම පිරිසක් අවතැන්ව සිටිති. එම ප්‍රදේශ පුරා මේ වන විට, දරුණු සාගත තත්ත්වයක පෙරනිමිති පහල වී ඇතැයි, ලෝක ආහාර සුරක්ෂිතතා විශේෂඥයින් ගෙන් සැදුම්ලත් විශේෂ කමිටුවක් විසින් අනතුරු අඟවා තිබේ.

ආහාර, පානීය ජලය සහ වෛද්‍ය සැපයුම් රැගත් ට්‍රක් රථ 11ක් ඊයේ උතුරු ගාසා තීරයේ ජබාලියා සහ බෙයිට් හනෞන් බලා පිටත් කළ බව ඊශ්‍රායල හමුදා පවසති. සාගතයක් පිලිබඳ අනාවැකි පලකිරීම ඒකපාර්ශ්වීය කරුණු මත පමණක් පදනම්ව සිදු කළ ප්‍රකාශයක් බව ද ඔවුහු ප්‍රකාශ කරති. වැඩිදුර මානුෂීය ආධාර ප්‍රවාහනය වෙනුවෙන් ඊශ්‍රායල හමුදා, කිසුෆිම් (Kissufim) හුවමාරුව විවෘත කිරීමට අපේක්ෂා කරන බව ද වාර්තා වේ.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Gaza mourns children killed in Israeli strike as death toll rises






