උතුරු ගාසා තීරයේ අද සිදු කළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.
පුද්ගලයින් 30ක් පමණ රැඳී සිටි උතුරු ගාසා තීරයේ ජබාලියා හි පිහිටි ගොඩනැගිල්ලක් වෙත එම ප්‍රහාර එල්ල කර තිබේ.
ආසන්න රෝහලක අද ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු, රෙදි කඩින් ඔතා තබා ඇති අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍යයේ සංසරණය වනු දුටු බව ටෝයිටර්ස් පුවත් සේවය පවසයි.
ප්‍රහාරයෙන් තිස් දෙදෙනකුට අධික පිරිසක් මිය ගොස් ඇතැයි, හමාස් මාධ්‍ය ප්‍රකාශ කරයි.
ඔක්තෝබර් 5 දා ආරම්භව තව දුරටත් ක්‍රියාත්මක විශේෂ, ඊශ්‍රායල භූමි මෙහෙයුමක් හේතුවෙන්, උතුරු ගාසා තීරයේ සහන කටයුතු අඩාල වී ඇතැයි හදිසි සේවා දන්වා සිටිති.
උතුරු ගාසා තීරයේ යළි කඳවුරු බඳින හමාස් ත්‍රස්තවාදීන්ට ප්‍රහාර එල්ල කිරීම පිණිස, ජබාලියා, බෙයිට් ලහියා සහ බෙයිට් හනෞන් වෙත හමුදා පිටත් කර ඇතැයි, ඊශ්‍රායලය පවසයි. නව ක්‍රියාන්විතවලින් ත්‍රස්තවාදීන් සිය ගණනක් ඝාතනය කළ බව ඊශ්‍රායල හමුදා පවසති.
ගාසා තීරයේ සබ්රා (Sabra) නේවාසික ප්‍රදේශයට අද එල්ල කළ තවත් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින්, පලස්තීන සුබසාධක අමාත්‍යංශ නිලධාරියකු, ඔහුගේ බිරිඳ සහ දරුවන් ඇතුළු සත් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
අද සිදු කළ ප්‍රහාර පිලිබඳ වැඩිදුර පසු විමර්ශන සිදු කෙරෙන බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Dozens killed and wounded in Israeli strike on northern Gaza's Jabalia, medics say






