ඊශ්‍රායල හමුදා විසින් ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පරාජය කර ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඉශ්‍රයෙල් කාට්ස් (Israel Katz) ඊයේ (10) පැවසීය.
හිස්බුල්ලා ප්‍රධානී හසන් නස්රල්ලා ඝාතනය, එහි කූට ප්‍රාප්තිය බව ඔහු සඳහන් කළේය. දැන් එළැඹ ඇත්තේ ජයග්‍රහණයේ ඵල නෙලා ගැනීම යැයි ඔහු කියයි.
ඊශ්‍රායලයට ඇති තරම් උගත් පාඩම් ඇති බැවින්, ලෙබනනයේ අභ්‍යන්තර දේශපාලනයට ඇඟිලි ගැසීමට අවශ්‍ය නැතැයි ද ඔහු පැවසීය. එහෙත්, ජාත්‍යන්තරය සමග මෙම අවස්ථාවෙන් දේශපාලනික වශයෙන් විපුල ඵල නෙලා ගැනීමට නම්, දැන් ලෙබනනයද, ලොව ඊශ්‍රායල මිත්‍ර සන්ධානය අතරට පිවිසිය යුතු බවද ඔහු පැවසීය.
ඉකුත් 05 දා, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට ආරක්ෂක අමාත්‍ය, යෝව් ගැලන්ට් එම ධුරයෙන් ඉවත් කර ආරක්ෂක කටයුතු පිලිබඳ එතරම් 'දැනුම් තේරුම්' නැති විදේශ අමාත්‍ය, ඉශ්‍රයෙල් කාට්ස් නව ආරක්ෂක අමාත්‍ය ලෙස පත් කළේය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Israel Defence Minister Katz says Israel has defeated Hezbollah






