උතුරු කොරියාව සහ රුසියාව අතර පසුගිය මස අත්සන් තැබුණු අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක්, උතුරු කොරියාව පසුගිය දා අනුමත කළේය.
ඒ අනුව, දෙපාර්ශ්වයෙන් ඕනෑම රටකට එල්ල වන සතුරු ප්‍රහාරයකදී අනෙක් රට උපකාර පිණිස ඉදිරිපත් වේ.
දෙරට අතර වර්ධනය වන ද්වීපාර්ශ්වීය ආරක්ෂක මිතුදම, ජාත්‍යන්තර අවධානයට ලක්ව ඇති මොහොතක, මෙම නව පියවර ක්‍රියාවට නංවා තිබේ. රුසියා - යුක්‍රේන යුද්ධයේදී, උතුරු කොරියාව විසින් රුසියාවේ සහායට සිය හමුදා භට පිරිස් දහස් ගණනින් යවා ඇතැයි දැන්, සාක්ෂි සහිතව අනාවරණය වී තිබේ.
උතුරු කොරියාව සහ රුසියාව අතර පසුගිය මස අත්සන් තැබුණු අන්‍යොන්‍ය ආරක්ෂක ගිවිසුමක්, උතුරු කොරියාව පසුගිය දා අනුමත කළේය.
පසුගිය ජුනි මස අත්සන් කළ ගිවිසුම ක්‍රියාවට නැංවීම පිණිස, උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්, සඳුදා (11) සිය අත්සනින් නියෝග නිකුත් කළේය.
රුසියානු නායක ව්ලැඩිමීර් පුටින් ද එම ගිවිසුම නීතියක් සේ ක්‍රියාවට නැංවීම පිණිස අත්සන් තබා තිබේ. ඒ අනුව, දෙපසින් එක් රටක් යුද්ධයක හෝ සතුරු ආක්‍රමණයක පැටලී ඇති මොහොතක, අනෙකා විසින්, සිය උපරිම සම්පත් මිත්‍ර දේශය වෙත වහා සහාය පිණිස පිටත් කර යැවිය යුතුය.
මේ වන විට, 10,000 කට අධික උතුරු කොරියානු හමුදා භට පිරිසක් රුසියාවේ රැඳී සිටින බව දකුණු කොරියාව, එක්සත් ජනපදය සහ යුක්‍රේනය විසින් තහවුරු කර තිබේ.
මේ වන විට, 10,000 කට අධික උතුරු කොරියානු හමුදා භට පිරිසක් රුසියාවේ රැඳී සිටින බව දකුණු කොරියාව, එක්සත් ජනපදය සහ යුක්‍රේනය විසින් තහවුරු කර තිබේ.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
North Korea ratifies mutual defence treaty with Russia