වර්ජින් ඕස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් සේවය, ඉන්දුනීසියාවේ බාලි නුවර වෙත සහ ඉන් පිටතට සිදු කෙරෙන සිය ගුවන් ගමන් සියල්ල අද තාවකාලිකව නවතා දැමීමට පියවර ගත්තේය.
ඉන්දුනීසියාවේ ලෙවටොබී ලැකි-ලැකී (Lewotobi Laki-laki ) ගිනි කන්ද පසුගිය දා පුපුරා ගිය අතර එහි දුමාරයෙන් සහ අළු දුහුවිලි වලින් අවට ගුවන් කලාපය මුළුමනින්ම වැසී පවතී. එම තත්ත්වය පහව යනතෙක් ආරක්ෂක පියවරක් ලෙස තාවකාලිකව ගුවන් ගමන් නවතා දමා ඇත.
පසුගිය සෙනසුරාදා (02) එය තෙවරක්ම පුපුරා යාමත් සමග කිලෝ මීටර 9 ක් උස යමහල් අළු කදම්බයක් ගුවනට විසි විය.
(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)
මූලාශ්‍ර:
Virgin Australia cancels flights to and from Bali due to volcanic ash






