leader s

නොවැම්බර් 5 දා පැවති ඇමෙරිකානු ජනපතිවරණයෙන් ජයගත් ඩොනල්ඩ් ට්‍රම්ප්, සිය සහචර සංක්‍රාන්ති සැලසුම් කණ්ඩායම ලවා, කල්තියා නව ආණ්ඩුවේ උසස්

හමුදා තනතුරු ලේඛනයක් සකස් කිරීම ආරම්භ කළේය.

තනතුරේ රාජකාරී භාරගත් වහා එරට ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක් එම තනතුරු වලින් නෙරපා හැරීමට ඔවුහු පිඹුරුපත් සකස් කරමින් සිටිති. ඒ අනුව, පෙන්ටගනයෙන් ප්‍රථමයෙන් ඉවතට විසිවන්නේ ඇමෙරිකානු එකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.

යුක්‍රේනයේ සහ මැද පෙරදිග, දරුණු ගැටුම් පවතින අවස්ථාවෙක, මෙන්ම නැගී එන උතුරු කොරියානු අර්බුදයක් සහිත උණුසුම් ගෝලීය පසුබිමෙක, අත්දැකීමෙන් සහ ජ්‍යෙෂ්ඨත්වයෙන් රාජකාරියේ නියුතු ඒසා විශාල ඉහළ හමුදා නිලධාරීන් පිරිසක් එකවර ධුරවලින් නෙරපා හරින්නේ කෙසේදැයි යන ගැටලුවද, මතුව තිබේ.

මාර්ක් මිලී (Mark Milley) ඇතුළු හිතෛෂීන් ඉලක්ක කර නව හමුදා පරිපාලනය, පත් කෙරෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි

ජනපතිවරණයට පෙර සිට ට්‍රම්ප්ව විවේචනය කළ උසස් හමුදා නිලධාරීන් රැසක්, මුල සිටම ඔහුගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය. එබැවින්, නෙරපා හැරීමේ ලේඛනය  ට්‍රම්ප්ගේ පූර්ණ අනු දැනුම සහ සහයෝගය මත සිදු කෙරෙන බවට ද විශ්වාස කෙරේ. විශේෂයෙන්, 2021 වසරේ ඇෆ්ඝනිස්ථානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කිරීමට අණ දුන් ඉහළ පෙළ හමුදා නිලධාරීහු, ට්‍රම්ප් ගේ සෘජු දෝෂ දර්ශනයට ලක්ව සිටිති.

පසුගිය ට්‍රම්ප් ධුර කාලයේ එරට ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ හිටපු සභාපති, මාර්ක් මිලී (Mark Milley) ඇතුළු හිතෛෂීන් ඉලක්ක කර නව හමුදා පරිපාලනය, පත් කෙරෙනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසයි. ඔහු, පසුගිය ට්‍රම්ප්  රජයේ, අකීකරුම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු සේ සැලකේ.

war 9781398541443 hr

ට්‍රම්ප් යනු අත්‍යන්තයෙන්ම ෆැසිස්ට් වාදියකු බව, ඉකුත් මස එළි දැක්වුණු බොබ් වුඩ්වර්ඩ් (Bob Woodward) විසින් රචිත, "වෝර්" ( War) නම් කෘතියට මිලී විසින් පවසා තිබිණි. මිලී සිය ධුර කාලයේ සිදු කරන ලද සියලු පත්වීම් සහ උසස්වීම්වලට අදාළ හමුදා නිලධාරීන්  'එකකු නෑර'  වහා සේවයෙන් නෙරපා හැරීමට ට්‍රම්ප්ගේ සංක්‍රාන්ති සැලසුම් කණ්ඩායම  යෝජනා කර සිටී. මිලී විසින් අදාළ ධුරයන්හි පිහිටුවන ලද හමුදා නිලධාරීන් පිලිබඳ දීර්ඝ සහ සවිස්තර වාර්තා මේ වන විටත් සාදා අවසන් බව වාර්තා වේ.

ඇමෙරිකානු යුද හමුදාවේ, නාවික හමුදාවේ, නාවුක සමුද්‍රීය බලගණයේ, ගුවන් හමුදාවේ, ජාතික ආරක්ෂක සේවාවේ මෙන්ම, අභ්‍යවකාශ බලකායේ ප්‍රධානීන්, එරට ඒකාබද්ධ හමුදා ප්‍රධානී මණ්ඩලයට ඇතුළත් වේ.

ෆොක්ස් (Fox) රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශකයකු ද වූ පීට් හැග්සෙත් (Pete Hegseth), ට්‍රම්ප් රජයේ ආරක්ෂක ලේකම් ධුරයට තෝරා ගෙන තිබේ. එම තේරීමත් සමග නව වෙනස්කම් පිලිබඳ ලේඛන සකස් කිරීම ඇරඹිණි. පෙන්ටගනය මුළුමනින්ම, 'ශුද්ධ' කිරීමට ඔහු සිය කැමැත්ත පළකර තිබේ.

FILE - Republican presidential candidate former President Donald Trump greets members of the National Guard on the U.S.-Mexico border, Feb. 29, 2024, in Eagle Pass, Texas. (AP Photo/Eric Gay, File)

ජාතිය ආරක්ෂා කරමින්, සතුරා පරාජය කිරීම පිණිස, පෙන්ටගනයේ ඉහළ පෙළ හමුදා නායකත්වයේ විප්ලවීය වෙනසක් කිරීමට නව ජනපති ට්‍රම්ප් අපේක්ෂා කරන බවත්, එබැවින් බොහෝ දෙනකු නෙරපා හැරීමට අවශ්‍ය බවත්, ඉකුත් වසරේ ඔහු විසින් රචිත ' ද වෝර් ඔන් වොරියර්ස්: අප නිදහස් සටනට උර දුන් මිනිසුන් පාවා දීම පිලිබඳ තිරයෙන් පිටුපස කතාව' (The War on Warriors: Behind the Betrayal of the Men Who Keep Us Free) නම් ග්‍රන්ථයේ සඳහන් ය.

හැග්සෙත් වැනි  අවම කළමනාකරණ අත්දැකීමෙන් යුත් පුද්ගලයකු එවන් තනතුරක් වෙනුවෙන් තෝරා ගැනීම පිලිබඳව ද අභ්‍යන්තර ගැටළු මතු වී තිබේ.

බළලා මල්ලෙන් එලියට

 

SI5AMCRFN5CWTK4DZC6DMLTATE"බ්‍රවුන්, කළු ජාතිකයකු නොවී නම්, ඔහුට කිසිදා එම තනතුර  ලැබේදැයි," ඔහු ප්‍රශ්න කර සිටී. "බ්‍රවුන්ට එය ලැබුණේ, සමේ වර්ණය නිසාද, නොඑසේනම්, ඔහුගේ දක්ෂතාවය නිසාද, අපි නම් දන්නෑ," ඔහු කියයි.
ට්‍රම්ප්ගේ නව තේරීම් පිලිබඳ 'බළලා මල්ලෙන් එලියට' පැනීම, හැග්සෙත් එරට ගුවන් හමුදා ප්‍රධානී සී. කිව්. බ්‍රවුන් ( C.Q. Brown) ඉලක්ක කර සිදු කළ ප්‍රකාශයකින්ම සනාථ වේ. "බ්‍රවුන්, කළු ජාතිකයකු නොවී නම්, ඔහුට කිසිදා එම තනතුර  ලැබේදැයි," ඔහු ප්‍රශ්න කර සිටී. "බ්‍රවුන්ට එය ලැබුණේ, සමේ වර්ණය නිසාද, නොඑසේනම්, ඔහුගේ දක්ෂතාවය නිසාද, අපි නම් දන්නෑ," ඔහු කියයි.

ජනපති බයිඩන් විසින් බ්‍රවුන්, ඒකාබද්ධ හමුදා ප්‍රධානීන්ගේ මණ්ඩලයේ සභාපති  වශයෙන් පත් කෙරිණි. එරට හිටපු හමුදා ජෙනරාල් කොලින් පවෙල්ගෙන් පසු ඉහළම හමුදා නිලයකට උසස්වීම් ලද දෙවන කළු ජාතික ඇමෙරිකානුවා ඔහු ය.

 

 116103939 hi037399984.jpgට්‍රම්ප්, ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ උප ප්‍රධානීන් සියල්ල වහා නෙරපා හැරීමට නියමිතය.  
ට්‍රම්ප්, ජනපති අසුන භාරගත් සැණින්, ඉවතට විසිවන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ 'ලැයිස්තුවේ' බ්‍රවුන් ද ඉහළින් ම සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. ට්‍රම්ප්, ජනපති ධුරයේ දිවුරුම් දීමත් සමග, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් සහ උප ප්‍රධානීන් සියල්ල වහා නෙරපා හැරීමට නියමිතය.  

ඇමෙරිකාව තුළ බොහෝ කළු ජාතිකයින් දෙවන ට්‍රම්ප් ධුර කාලයක් පිලිබඳ ඉමහත් කනස්සල්ලට පත්ව සිටිති. ඔහු විසින් යෝජිත නව ප්‍රතිපත්ති සැලසුම් ක්‍රියාත්මක කිරීම තුළින්, කළු ජාතිකයින්ගේ සිවිල් අයිතිවාසිකම් තවදුරටත් අහෝසි වනු ඇතැයි, ඔවුහු පවසති. ඔහුගේ වර්ගවාදී කාමුක වාග් විලාශය, කළු ඇමෙරිකානුවන් පිලිබඳ ලතෙත් බවක් ඔහුගේ හදෙහි නොවන බවට කදිම සාක්ෂියකැයි ඔවුහු කියා සිටිති. ට්‍රම්ප්, කළු ජාතිකයින් පිලිබඳ ඉතා පහත්  ආකල්ප දරන බව, ඒ බොහෝ දෙනකුගේ මතයය.

නීති විරෝධී සංක්‍රමණිකයින් ලෙස ඇමෙරිකාවට පැමිණි කළු ජාතිකයින්, ඔවුන්ට හිමි ගේ දොර මෙහෙකාර රැකියා සහ උද්‍යානාලංකාර කටයුතු වැනි  දෑ පමණක් සිදු කරමින් විසිය යුතුය, යනු ට්‍රම්ප් ගේ මතය බව කළු ජාතිකයෝ පවසති.

blackioeට්‍රම්ප්, ජනපති අසුන භාරගත් සැණින්, ඉවතට විසිවන ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන්ගේ 'ලැයිස්තුවේ' බ්‍රවුන් ද ඉහළින් ම සිටින බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.


ඇමෙරිකාවේ කළු ජාතිකයින්ට හිමි 'කළු රැකියා' බව, ඉකුත් ජුලි මස එරට කළු ජාතික මාධ්‍යවේදීන් පිරිසක් අමතමින් ට්‍රම්ප් කියා සිටියේය. එහෙත්, තමා වර්ගවාදියකු බවට සිදු කෙරෙන ප්‍රකාශ සියල්ල ඔහු ප්‍රතික්ෂේප කරයි.

අමන ක්‍රියාවක්    

පවතින ජත්‍යන්තර යුද වාතාවරණය සහ නැගී එන ගෝලීය ආරක්ෂක තර්ජන හමුවේ, මෙවන් විශාල හමුදා වෙනසක් සිදු කිරීම ඥානාන්විත නොවන බව හිටපු සහ වත්මන් ඇමෙරිකානු හමුදා නිලධාරීහු රැසක්ම පවසති. විශාල පිරිසක් එකවර සේවයෙන් ඉවත් කර, ඒ වෙනුවෙන් නව නිලධාරී මඬුල්ලක් එ සැණින් පත් ක‍ර ගැනීම නිලධාරීමය  වශයෙන් එතරම් පහසු කටයුත්තක් නොවන බව ඔවුහු ප්‍රකාශ කරති. එහෙත්, ඉහළම නිලධාරී 'උන්මාදයෙන්' සහ 'මාන්නයෙන්' හැසිරෙන වත්මන් හමුදා ප්‍රධානීන් සියල්ල අනිවාර්යයෙන්, එම ධුරවලින් නෙරපන බව ට්‍රම්ප් හිතෛශීහු කියා සිටිති.

penta

"ඔවුන් ඉවත් කර ඒ වෙනුවට අලුත් පත්වීම් සිදු කිරීම කිසිසේත් අපහසු කටයුත්තක් නොවේ. අපට, ඒ වෙනුවෙන්, පිරිස් බලයේ අඩුපාඩු ද  නොවේ. උදාහරණයක් ලෙස, දෙවන ලෝක යුද්ධයේදී, දක්ෂතා සපිරි, 30 හැවිරිදි වියේ පසු වූ හමුදා නිලධාරීන් රැසක් සීඝ්‍රයෙන්, හමුදා ජෙනරාල්  තනතුරු තෙක්  උසස්වීම් ලැබුවා. හිටි අය වෙනුවට 'පිට පිට' නව අය පත් කෙරුණා. ඉදින්, අපි යුද්ධය පැරදුණාද?, නැහැ, අපි ඒක දිනුවා," ඔවුහු පවසති.  


(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:

Exclusive: Trump's team drawing up list of Pentagon officers to fire, sources say

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්