leader s

ජපානය, බල්ගේරියාව, රොමේනියාව, මොන්ටිනීග්‍රෝ ඇතුළු තවත් රටවල් ගණනාවකට චීනය නිදහස් වීසා පහසුකම් විවෘත කරයි.  


එමගින්, මෙම මස 30 දින සිට 2025 දෙසැම්බර් 31 දක්වා  චීනයට පිවිසීමට සහ රැඳී සිටීමට එම රටවල සංචාරකයින්ට නිදහස් වීසා පහසුකම් හිමි වේ. ඒ බව, එරට විදේශ කටයුතු අමාත්‍යංශය අද නිවේදනය කළේය.

එම වැඩසටහන යටතේ, තවත් රටවල් 38 ක සංචාරකයින්ට ද චීනය තුළ රැඳී සිටීමට ලබා දී ඇති දින 15 ක නිදහස් වීසා පහසුකම, දින 30ක් තෙක් දීර්ඝ කෙරෙන බව එරට CCTV රාජ්‍ය රූපවාහිනිය නිවේදනය කළේය.

මීට පෙර, දකුණු කොරියාවට සහ තවත් යුරෝපීය රටවල් කිහිපයක් වෙත ද චීනය නිදහස් වීසා පහසුකම් විවෘත කළේය.

එරට සංචාරක ප්‍රවර්ධනය අරමුණු කොට මෙම පියවර ගෙන තිබේ.

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්