leader s

ලාඕසයේ ජනප්‍රිය සංචාරක නගරයක දී විෂ සහිත මත්පැන් පානය කළ 19 හැවිරිදි ඔස්ට්‍රේලියානු තරුණියක් ජීවිතක්ෂයට පත්වේ.

එරට, විෂ මත්පැන් ශරීර ගත වීමෙන් මරණයට පත් දෙවන ඔස්ට්‍රේලියානුවා ඇයය. මෙතනෝල් අඩංගු විෂ මත්පැන් ශරීරගත වීමෙන් එම මරණ සිදු වී තිබේ.

 

බ්‍රිතාන්‍ය නීතීඥ සිමෝන් වයිට් සහ ඕස්ට්‍රේලියානු ජාතික බියන්කා ජෝන්ස් මියගොස් දිනකට පසු වම්පස සිටින හොලි බෝල්ස් (සිකුරාදා 22) මිය ගොස් ඇති බව වාර්තා වෙයි

ලාඕසයේ දී විෂ මත්පැන් පානයෙන් බරපතල ලෙස රෝගාතුර වූ ඇය, වහා අසල්වැසි තායිලන්තයේ රෝහලක් වෙත යොමු කෙරුණු අතර එහි වැඩි දුර ප්‍රතිකාර ලබමින් සිටියදී, ඉකුත් සිකුරාදා (22) ජීවිතක්ෂයට පත් වූවාය. ලාඕසයේදී විෂ මත්පැන් ශරීර ගතවීමෙන් තායිලන්තයේ වෙනත් රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඇගේ මිතුරකු ද ඊට පෙර දින මරණයට පත් විය.

c4bf53f0 a7e4 11ef 8ab9 9192db313061

 

ඔස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් ලාඕස බලධාරීන් හා එක්ව සිද්ධිය පිලිබඳ වැඩි දුර විමර්ශන අරඹා තිබේ. 

අග්නිදිග ආසියාවේ පිහිටි රටක් වන ලාඕසයේ, ජනප්‍රිය විදෙස් සංචාරක ගමනාන්තයක් වන වැන්ග් වියෙන්ග් (Vang Vieng) නගරයේදී විෂ මත්පැන් ශරීර ගත වීමෙන්, මීට පෙර, ඩෙන්මාර්ක ජාතිකයින් දෙදනකු, බ්‍රිතාන්‍ය ජාතිකයකු සහ අමෙරිකානුවකු ද ජීවිතක්ෂයට පත් වූහ.

නිසි ප්‍රමිතියෙන් තොර ව්‍යාජ ලේබල යටතේ වෙළඳපොලේ ඇති ඇල්කොහොල් අඩංගු විවිධ පාන වර්ග සහ නිවෙස්වල පෙරනු ලබන මත්පැන්, ලාඕසයේ විශාල ගැටළුවක් බවට පත්ව ඇත. එරට තුළ මත්පැන් පරිභෝජනයේදී ප්‍රවේසම් වන ලෙස, ඔස්ට්‍රේලියානු සහ බ්‍රිතාන්‍ය රජයන් එම රටවල පුරවැසියන්ට නිවේදන නිකුත් කර තිබේ.

The empty bar of Nana Backpackers hostel in Vang Vieng, Laos, Friday, Nov. 22, 2024. (AP Photo/Anupam Nath)

 

පසුගිය සිකුරාදා, ලාඕසයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය ද, ලාඕසයේ දී මත්පැන් පානය කරන්නේ නම්, ඒ සඳහා ලියාපදිංචි ආපාන ශාලා භාවිතා කරන ලෙසත්, මත්පැන් මිලදී ගැනීමේදී ව්‍යාජ අනුකරණ වලට හසු නොවන ලෙස සහ නිෂ්පාදනවල යම් විකෘති තත්ත්වයන් පිලිබඳ අවබෝධයෙන් කටයුතු කරන ලෙසත්, එරට සිටින ඇමෙරිකානු සංචාරකයින් ට දැනුම් දුන්නේය. 

මෙතනෝල් යනු ඇල්කොහොල් හි අඩංගු විෂ සහිත රසායනික සංයෝගයක් වන අතර, එය පලිබෝධ නාශක සහ කාර්මික ක්ෂේත්‍රයේ අත්‍යවශ්‍ය ද්‍රාවණ නිෂ්පාදනයේදී යොදා ගැනේ. මෙතනෝල්, විකල්ප ඉන්ධන ප්‍රභවයක් ලෙස ද භාවිතා කෙරේ.  

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්