leader s

ජෝර්දානයේ, අම්මාන් අගනුවර පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය අසල අද සිදු කළ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වේ.

පොලිස් වෙඩි තැබීමට පෙර, ඔහු විසින් සිදු කළ වෙඩි තැබීමෙන්, පොලිස් නිලධාරීන් තිදෙනෙක් ද තුවාළ ලැබූහ. සිද්ධිය පිලිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මකය.

 

Untitled 1 e1732408584486

එරට පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලය වෙත බරපතල පොලිස් ආරක්ෂාව සපයා තිබේ. එය ඊශ්‍රායලයට එරෙහි නිරන්තර මහජන උද්ඝෝෂණ පවත්වන ස්ථානයකි. සිද්ධිය පිලිබඳ පොලිස් සෝදිසි කිරීම් ආරම්භව ඇති  බැවින්, එම පරීක්ෂා කිරීම් අවසන් වනතෙක් නිවෙස් තුළම රැඳී සිටින ලෙස ප්‍රදේශවාසීන්ට දැනුම් දී තිබේ.

 

එරට මිලියන 12 ක ජනගහනයෙන් බහුතරය පලස්තීන සම්භවයක් සහිත පුද්ගලයින්ය. 1948 ඊශ්‍රායලය ස්ථාපිත කිරීමේ අරගලයේදී, ගාසා තීරයේ වැඩි දෙනෙක්, ජෝර්දානය වෙත පලා ආහ. අදත්, ජෝර්දාන් නදීබඩ ඊශ්‍රායල දේශ සීමාවේ, එසේ පලා පැමිණි පලස්තීනුවන්ගේ නෑ හිතවතුන් ජීවත් වේ. 

ජෝර්දානය සහ ඊශ්‍රායලය අතර පවතින සාම ගිවිසුම, පලස්තීන ලැදි රාජ්‍යයන්ගේ හා සමාජ කොටස්වල අප්‍රසාදයට ද ලක්ව තිබේ.     

(Reuters ඇසුරින් සටහන : හර්ෂ උදයකාන්ත විසිනි)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්