leader s

ඉන්දුනීසියාවේ අයහපත් කාලගුණයත් සමග හටගත් හදිසි ජල ගැල්මකින්, නාය ගිය මාර්ගයක මඩෙහි ගිලුණු බස් රථයක සහ

තවත් මෝටර් රථවල ගමන් ගත් මගීන් සොයා සහන සේවකයෝ අද, වෙහෙසකර මෙහෙයුමක යෙදුනහ.

කඳුකර මාර්ගයක් ඔස්සේ ධාවනය වෙමින් පැවති එම මෝටර් රථ මතට මඩ සහිත නාය පතිත වී තිබේ.

එරට උතුරු සුමාත්‍රාවේ හටගත් එම කාලගුණ අනතුරු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 27 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

පසුගිය සතියේ සිට ඉන්දුනීසියාවට දරුණු වැසි ඇද වැටෙමින් පවතී. ඒ හේතුවෙන් ඉන්දුනීසියාවේ දිස්ත්‍රික්ක හතරක හදිසි ජල ගැල්ම හටගෙන තිබේ.

ඊයේ (27) උතුරු සුමාත්‍රාවේ ඩෙලි සෙර්දාන් ( Deli Serdang) හි ගම්බද පෙදෙසක නාය යාමකින් 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. අනතුරින් තවත් 20 දෙනකු තුවාළ ලබා තිබේ.

සහන කණ්ඩායම් අතුරුදන් තවත් පිරිස් සොයා මෙහෙයුම් සිදු කරමින් සිටිති. ඉකුත් සති අන්තයේ සිදු කෙරුණු සෝදිසි මෙහෙයුම් වලදී පුද්ගලයින් 20 දෙනකුගේ මළ සිරුරු හමු වූ බව සහන කණ්ඩායම් ප්‍රකාශ කරති.

නාය ගිය ප්‍රදේශයන්හි මාර්ග පද්ධතීන් යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු ද ආරම්භ කොට තිබේ.

හදිසි ජල ගැල්මෙන් සහ නාය යාම්වලින් එම ප්‍රදෙශයන්හි, නිවාස, පල්ලි සහ කෙත්වතු ද විනාශයට පත්ව ඇත.

උතුරු සුමාත්‍රාවේ හටගත් එම හදිසි තත්ත්වයත් සමග ප්‍රාන්ත අගනුවර වන මේදාන් ( Medan) හි පළාත් මැතිවරණවලට ද බාධා පැමිණිනි.

කලාපයට බල පා ඇති ලා නිනා තත්ත්වය හේතුවෙන් මේ වසර අවසන තෙක් ඉන්දුනීසියාවට දරුණු අයහපත් කාලගුණික තත්ත්වයක් උදා වී ඇතැයි කාලගුණ අනාවැකි පළවී  තිබේ.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්