leader s

ඊයේ (28) දකුණු ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සතු මැද-දුර රොකට් ගබඩාවකට ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කළේය.

වසරක සටන් නවතමින් පසුගිය බදාදා (27) එළැඹි සටන් විරාම ගිවිසුම කඩාකප්පල් කළ බව එකිනෙකා විසින් දැන්, උනුන්ට චෝදනා එල්ල කර ගනිමින් සිටිති.

ඊයේ දකුණු ලෙබනන කලාපයේ මෝටර් රථ වල පැමිණෙමින් සිටි සැක කටයුතු පිරිසක් වෙත වෙඩි තැබූ බවද ඊශ්‍රායල හමුදා පැවසූහ. හිස්බුල්ලා සාමාජිකයින් එසේ පැමිණීම සටන් විරාමය උල්ලංඝනය කිරීමකැයි, එම හමුදා කියා සිටිති. හිස්බුල්ලා සංවිධානය ද ඊශ්‍රායලය වෙත පෙරලා එම චෝදනා එල්ල කර සිටී.

ප්‍රංශය සහ එක්සත් ජනපදය මැදිහත්වී ගෙනා සටන් විරාමය 'කෙස් ගහෙන් ගැස්සෙන' තැනට පත්වී තිබේ. 

 



දෙපාර්ශ්වය අතර බදාදා එළැඹි ගිවිසුම වලංගු වන්නේ එතැන් සිට ඉදිරි දින 60 ක කාලයකට පමණි. එම කාලය තුළ දියත් කෙරෙන සාකච්ඡාවල සාර්ථකත්වය මත එය තිරසර සටන් විරාමයක් තෙක් පවත්වා ගැනීම රඳා පවතී. 

ඊයේ ලෙබනනයට එල්ල කෙරුණු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය, පසුගිය බදාදා උදෑසන, ඊශ්‍රායල-හිස්බුල්ලා සටන් විරාමය ක්‍රියාත්මක කිරීමෙන් සසු එල්ල කරන ලද ප්‍රථම ප්‍රහාරය වේ.

ලෙබනනයේ ලිටානි ගංගාවට උතුරු දෙසින් පහිටි බේසාරියා(Baysariyah) ප්‍රදේශයේ ඉලක්කයක් වෙත එම ප්‍රහාර එල්ල වී තිබේ. ලෙබනන හමුදා ඒ බැව් සනාථ කර ඇත. ලිටානි  ගංගාධාරයේ ඉදිකර ඇති සියලු නීති විරෝධී යුද ස්ථාපිත වහා ඉවත් කරන ලෙස සටන් විරාම ගිවිසුම මගින් දන්වා තිබේ. එහෙත්, ඊට උතුරින් පිහිටි එම ඉදිකිරීම් ඉවත් කළ යුතු බවට සඳහනක් එහි නැතැයි, රොයිටර්ස් පුවත් සේවය පවසයි. එම සියලු ප්‍රදේශ, ඊශ්‍රායල සහ ලෙබනන දේශ සීමා බෙදා වෙන් කෙරෙන නිල් තීරයට කිලෝ මීටර 2ක් ඇතුළත පිහිටා තිබේ. නිල් තීරය යනු, ඊශ්‍රායලය සහ ගෝලාන් කඳුකරය, ලෙබනනයෙන් සීමා කොට වෙන් කෙරෙන රේඛාව වේ.

ලෙබනනයට සැනසීම අත ළඟ

 

ඊශ්‍රායලය පූර්ණ ලෙස ලෙබනනයෙන් ඉවත්වීම අරමුණු කොට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින්, 2000 වසරේ ජුනි 07 වන දින එය ප්‍රකාශයට පත් කෙරිණි. 

එම සමස්ත කලාපයම, ඊශ්‍රායල හමුදා විසින් මානව ගැවසීම් සහ ක්‍රියාකාරකම් වලින් විනිර්මුක්ත කලාපයක් ලෙස නම් කර තිබේ. එහෙත්, සටන් විරාමය කඩ කෙරෙන ආකරයේ සැක කටයුතු ක්‍රියාකාරකම්, එහි තව දුරටත් සිදුවෙමින් පවතින බව ඊශ්‍රායල හමුදා චෝදනා කරති. 

අනෙක් පාර්ශ්වය විසින් සිදු කෙරෙන ඕනෑම සටන් විරාම උල්ලංඝනයකට එකෙණෙහි දැඩි ප්‍රහාරාත්මක ක්‍රමවේදයන්ගෙන් පිළිතුරු ලබා දෙන බව ඊශ්‍රායල හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල්, හෙර්සි හැලෙවි (Herzi Halevi) ප්‍රකාශ කරයි. 

හිස්බුල්ලා සංවිධානය විසින් සටන් විරාමය උල්ලංඝනය කෙරේ නම්, දරුණු ලෙස පෙරලා පහර දීමට ඊශ්‍රායල හමුදා වෙත උපදෙස් ලබා දුන් බව, අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ ප්‍රකාශ කළේය. එම පියවර  අතිශය තදින් ක්‍රියාත්මක කරන බව හෙතෙම කියා සිටියේය. සටන් විරාමය කඩ කළහොත්, අතිශය දුරුණු යුද්ධයක් තෙක් ප්‍රහාර දියත්කිරීමට ඊශ්‍රායල හමුදා වෙත උපදෙස් ලබා දුන් බව ඔහු එරට, 'චැනල් 14' රූපවාහිනී නාලිකාව සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.

 

ඊශ්‍රායල හමුදා ලෙබනනයේ දරුණු සටන්

ගැටුම්  වලට පෙර, දකුණු දේශ සීමාවේ පදිංචිව සිටි ලෙබනන වැසියෝ, සටන් විරාමය ආරම්භ වීමත් සමග යළි ඒ වෙත පැමිණීමට උත්සාහ දරමින් සිටිති. එහෙත්, එම මාවත් වැටී ඇති සියලු ප්‍රදේශවල තව දුරටත් ඊශ්‍රායල හමුදා රැඳී සිටිති. අවට ගුවනේ නිරන්තරයෙන් නිරීක්ෂක ගුවන් යානා පියාසර කරන බව ද රොයිටර්ස් පවසයි. දකුණු ලෙබනනයේ සිට ලිටානි ගංගා ධාරයේ දකුණු පෙදෙස් වෙත පැමිණීමට යත්න දරන ලෙබනන වැසියන් ඉන් වළකාලනුවස්, ඊශ්‍රායල හමුදා ඊයේ එරට වේලාවෙන් සවස 5 සිට අද උදෑසන 7 දක්වා ඇඳිරිනීතිය පැනවීය. උතුරු දේශ සීමාවෙන් ඉවත් කළ 60,000ක පමණ ඊශ්‍රායල වැසියන්ට ද යළි සිය පදිංචි ස්ථාන කරා පැමිණීමට තවමත් උපදෙස් ලැබී නැත. හිස්බුල්ලා රොකට් ප්‍රහාර හමුවේ, ඔවුන්, මීට පෙර එම ප්‍රදේශ වෙතින් ඉවත් කෙරිණි.

ඊශ්‍රායල හමුදා මුළුමනින්ම ලෙබනනයෙන් ඉවත් වන තෙක්, ඕනෑම මොහොතක දරුණු ගැටුමට සූදානමින්, සන්නාහ සන්නද්ධව, අවි අමෝරා සිටින ලෙස හිස්බුල්ලා සංවිධානය ද සිය සටන්කරුවන්ට දැනුම් දී තිබේ. 

 

ඔක්තෝබර් 07 ම්ලේච්ඡ හමාස් ත්‍රස්ත ප්‍රහාරයේ පළමු සංවත්සරය හෙට
සිය මීළඟ ප්‍රයත්නය ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම යැයි ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් පවසයි. එතෙක්, ඉවසා සිටින ලෙස ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටී. 

ඊයෙත්, ගාසා තීරයේ, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ පලස්තීනුවෝ 21 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. මධ්‍යම ගාසා තීරයට දරුණු ඊශ්‍රායල ගුවන් බෝම්බ ප්‍රහාර එල්ල වූ අතර, එම හමුදා විසින් එහි උතුරු සහ දකුණු ප්‍රදේශ අභ්‍යන්තරයට භූමි ආක්‍රමණ ද දැඩි කර තිබේ. 

(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්