leader s

පරිශීලකයකු අනතුරකට ලක්වුවහොත් ඒ සම්බන්ධයෙ මගපෙන්නුම් යෙදවුමකට වගකිව හැකිද?


උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේදී මෝටර් රථයක් ඉදිකිරීම් අවසන් නොකළ පාලමකින් ඉවතට පැන ගංඟාවක පතුලකට වැටීමෙන් මිනිසුන් තිදෙනෙකු මියයෑමෙන් පසු ඉන්දියාව තුළ මතුව ඇති ප්‍රශ්නයකි මේ.

ඉකුත් ඉරිදා සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය තවමත් පරීක්ෂණ පවත්වයි.

ජනතාව විශ්වාස කරන්නේ, මියගිය පිරිස එම ස්ථානයට රැගෙන යෑමට හේතුවූයේ Google Maps බවයි.

කෙසේවෙතත් අදාළ පාලමේ කොටසක් කඩාවැටී ඇති බව වාර්තා වන අතර ප්‍රදේශවාසීන් එය දැනගෙන පාලම මඟහරිමින් ගමන් කර තිබුණද, මෙම පුද්ගලයන් තිදෙනා ඒ බව නොදැන පාලම මතින් රිය ධාවනය කර තිබේ.

පාලමේ වැඩ නිමනොකළ බවට බාධක හෝ සංඥා පුවරු සවි කර නොතිබුණු බව ද වාර්තා වේ.

බලධාරීන් විසින් මනුෂ්‍ය ඝාතන චෝදනා සඳහා පොලිස් පැමිණිල්ලක දී ප්‍රාන්තයේ මාර්ග දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් හතරදෙනෙකු සහ Google Maps හි නම් සඳහන් නොකළ නිලධාරියකු නම්කර ඇත.

Google හි ප්‍රකාශකයෙකු BBC හින්දි සේවය වෙත පවසා ඇත්තේ විමර්ශනයට සහයෝගය දක්වන බවයි.

මෙම ඛේදජනක අනතුර සමග ඉන්දියාවේ පවතින දුර්වල මාර්ග යටිතල පහසුකම් සම්බන්ධයෙන් බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

Google Maps වැනි navigation apps එවැනි සිදුවීම් සඳහා වගකීම බෙදාගන්නේද යන්න පිළිබඳව ද විවාදයක් ඇතිවිය.

ඇතැමකු මෙම යෙදුමට දොස්පවරන අතර තවත් සමහරු තර්ක කරන්නේ එය එම ස්ථානය පිළිබඳ සංඥා නොකිරීම රජයේ පාර්ශවයේ විශාල අසාර්ථකත්වයක් බවයි.

Google Maps යනු ඉන්දියාවේ වඩාත්ම ජනප්‍රිය ගමන් යෙදුම වන අතර, එය GPS (Global Positioning System), චන්ද්‍රිකා මත පදනම් වූ ගුවන්විදුලි සංචාලන පද්ධතියට සමාන වේ.

එය බොහෝ ගමනාගමන කටයුතු, ඊ-වාණිජ්‍යය සහ ආහාර බෙදා හැරීමේ කටයුතු සඳහා සේවාද බලගන්වයි.

මෙම යෙදුමට මිලියන 60 ක් පමණ ක්‍රියාකාරී පරිශීලකයන් සිටින අතර දිනකට මිලියන 50 ක් පමණ සෙවීම් සිදුකරයි.

එහෙත් වැරදි මඟපෙන්වීම් සැපයීම සඳහා යෙදුම නිතර පරීක්ෂාවට ලක් වී ඇති අතර, සමහර විට මාරාන්තික අනතුරු වලට තුඩු දී ඇති බවට ද චෝදනා එල්ල වේ.

(ceylonwire)

A fatal car crash in India sparks concerns over Google Maps


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්