leader s

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අද ගාසා තීරයේ පලස්තීනුවන් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එහි උතුරු කෙළවර නිවාස රැසක් ද

 ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් පුපුරවා හැර තිබේ.

මධ්‍යම ගාසා තීරයේ නුසෙරත් කඳවුර වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් නිවසක සිටි සය දෙනෙක් මරු මුවට පත් වූහ. ගසා නගරයේ නිවසකට එල්ල වූ තවත් එවැනිම ප්‍රහාරයකින් තිදෙනකු මිය ගිය බව වෛද්‍ය සේවා පැවසූහ.

දකුණු ගාසා තීරයේ ඛාන් යුනිස් හි අවතැන් කඳවුරකට එල්ල කරන ලද ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ කුඩා ළමුන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. ඊජිප්තු දේශ සීමාව ආසන්නයේ  රෆා වෙත එල්ල වූ ප්‍රහාරයකින්ද සිව් දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

උතුරු ගාසා තීරයේ ජබාලියා, බෙයිට් ලහියා සහ බෙයිට්  හනෞන්  හි පිහිටි නිවාස රැසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් පුපුරවා හරින ලද බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය ඔක්තෝබරයේ සිට එම ප්‍රදේශයන්හි ඊශ්‍රායල පාබල හමුදා ක්‍රියාන්විත දියත් කර තිබේ.

උතුරු ගාසා තීරයේ ස්වාරක්ෂක කළාපයක්?

උතුරු ගාසා තීරයේ පදිංචිකරුවන් බලහත්කාරයෙන්  ඉවත් කිරීමට ඊශ්‍රායල හමුදා පියවර ගනිමින් සිටිතැයි, එම ප්‍රදේශවල වාසය කරන පලස්තීන  වැසියෝ කියා සිටිති. එහි ස්වාරක්ෂක කලාපයක් ඉදිකිරීම ඊශ්‍රායල හමුදාවල අපේක්ෂාව බව ඔවුහු කියා සිටිති. ඊශ්‍රායල හමුදා විසින් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.

 සිය ප්‍රහාර හමුවේ එම ප්‍රදේශයන්හි, හමාස් ත්‍රස්තවාදීන් සිය ගණනක් මරුමුවට පත්වූ බව ඊශ්‍රායල හමුදා ප්‍රකාශ කරති. යුද ටැංකි නාශක රොකට් සහ මෝටාර් ප්‍රති ප්‍රහාර මෙන්ම බිම් බෝම්බ  හමුවේ ඊශ්‍රායල හමුදා භට  පිරිස් ගණනාවක් මරු වැළඳගත් බව හමාස් සංවිධානයද කියා සිටී.

ඊශ්‍රායල හමුදා භාරයේ සිටි පලස්තීනුවන් දෙදෙනෙක් මරුට 

මේ අතර, ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ පසු වූ පලස්තීන සිර කරුවන් දෙදෙනකු මිය ගොස් ඇතැයි වාර්තා වේ. ඒ අනුව, යුද්ධය ඇරඹි දා සිට මේ දක්වා ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේදී මිය ගිය පලස්තීන රැඳවියන් සංඛ්‍යාව 47 ක් බව රොයිටර්ස් පුවත් සේවය පවසයි.  

අද මිය ගිය පලස්තීනුවන් දෙදෙනාම වයස අවුරුදු 30ක් වූ අය වෙති.

ඔවුන් ඊශ්‍රායල බන්ධනාගාර සේවාව යටතේ වූ රැඳවියන් නොවන බව එම සේවාව පවසයි.

රැඳවුම් මධ්‍යස්ථාන භාරව සිටින ඊශ්‍රායල හමුදා මෙතෙක් එම සිදුවීම් පිලිබඳ කිසිත් ප්‍රකාශ කර නැත.

ඊශ්‍රායල බන්ධනාගාර සහ හමුදා රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින පලස්තීන සිරකරුවන්ට අඩන්තේට්ටම් කරන බවට සහ නිසි සැලකුම් නොකෙරෙන බවට නැගෙන චෝදනා ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කරයි. 

ඉක්මන් විසඳුම් සොයා හමාස් නිලධාරීහු කයිරෝ යති 
දැනට හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්‍රායල හමුදා අත්අඩංගුවේ සිටින පලස්තීන සිරකරුවන් හුවමාරු කරගැනීම පිණිස ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව, ඊජිප්තුවේ කයිරෝ නුවරදී හමාස් නිධාරීන් සහ ඊජිප්තු ආරක්ෂක නිලධාරීන් අතර සාකච්ඡා  පැවැත්විණි.

 කටාර් රාජ්‍යය, ඊජිප්තුව සහ තුර්කිය යන රටවල සහභාගිත්වයෙන් ගසා තීරයේ නව සටන් විරාමයක් පිණිස සාකච්ඡා ආරම්භ කිරීමේ හැකියාව සොයා බලන බව එක්සත් ජනපදය විසින් පසුගිය  බදාදා (27) ප්‍රකාශ කිරීමෙන් අනතුරුව, හමාස්  නිලධාරීන් කයිරෝ නුවරට පැමිණි ප්‍රථම අවස්ථාව මෙය වේ.

යුද්ධය තිරසර ලෙස නතර කළ හැකි පූර්ණ එකඟතාවක් පිළිබඳව හමාස් සංවිධානයේ අවධානය යොමුව තිබේ. එහෙත්, හමාස් සංවිධානය තුරන් කිරීමෙන් මතු, යුද්ධය කෙළවර නොකරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරයි.  

(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්