leader s

චීනය සහ යුරෝපය අතර ස්ථාවර වෙළඳ ගනුදෙනු සම්බන්ධ පැහැදිලි වර්ධනයත් සමග, 2011 දී, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී දුම්රිය සේවාව ආරම්භ කෙරිණි.  


එය, චීනයේ දැවැන්ත ජාත්‍යන්තර සමාජ-ආර්ථික සංවර්ධන වැඩපිළිවෙළ වන "තීරයක් සහ මාවතක්" ව්‍යාපෘතිය යටතේ ආරම්භ කෙරුණකි.  

නව දුම්රිය ආරම්භ කිරීමත් සමග චීනය සහ යුරෝපය අතර ඉදි වූ නව සබඳතා, ගෝලීය වෙළඳ සහයෝගිතාව පෙරළිකාර  මගකට යොමු කළේය. "තීරයක් සහ මාවතක්" ව්‍යාපෘතියට සහභාගිවන රටවල් අතර සහයෝගිතාව, අන්‍යොන්‍ය ප්‍රතිලාභ, සහ ආර්ථික ඒකාග්‍රතාව උදෙසා මෙම දුම්රිය සේවාව, වත්මන, වෙසෙස් කාර්යභාරයක් ඉටු කරයි.

 චීනයේ නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික උපකරණ, ගෘහ භාණ්ඩ, මෝටර් රථ අමතර කොටස් සහ  එදිනෙදා පරිහරණයට අවශ්‍ය භාණ්ඩ රැසක් රැගත් X8083 දරන එම දුම්රිය, චොන්චින් නගරයේ, චුවන්ජා (Tuanjie) සිට ජර්මනියේ ඩිස්බර්ග් (Duisburg) බලා පසුගිය ඔක්තෝබර 15 වන දා පිටත් වූයේ සිය මෙහෙවර, ඓතිහාසික සන්ධිස්ථානයක් සළකුණු කිරීමේ අපේක්ෂා පෙරදැරිවය. ඒ අනුව, අද, එය ඩිස්බර්ග් වෙත ලඟා ලඟා වන්නේ, චීනයේ සිට යුරෝපය තෙක් සිදු කරන සිය 100,000 වන ගමන් වාරය සනිටුහන් කරමිනි.  

 අද ගමන් වාරය අවසන් කිරීමත් සමග, එම දුම්රිය මගින්, ආරම්භයේ සිට මෙතෙක් රැගෙන යන ලද සමස්ත බහළු සංඛ්‍යාව මිලියන 11කට අධිකය. එසේ  ප්‍රවාහනය කරන ලද භාණ්ඩවල සමස්ත වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 420 ඉක්මවයි.


ගෝලීය කාර්යෝපාය සම්පාදනයේ නව ගැම්ම

20241204ac4cf321455c4e429ff05c29193017e6 CbsbeeE007003 20241204 CBMFN0A003
චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී දුම්රිය, ජාත්‍යන්තර කාර්යෝපාය සම්පාදනයේ, ලොව පවතින ආරක්ෂිතම, ස්ථාවර සේම කාර්‍යක්ෂම  ප්‍රවාහන පද්ධතියකි.

 චීනය සහ යුරෝපය අතර කඩිනමින් ඉදිකෙරුණු නවතම දුම්රිය මාර්ග පද්ධතිය, එහි  ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වූ අතර, ඉන්,  අන්තර් මහද්වීපික භාණ්ඩ ප්‍රවාහනයේ ස්ථාවර ප්‍රවේශයක් ද විවර විය.

ඕනෑම කාලගුණික  තත්වයක් යටතේ භාණ්ඩ ප්‍රවාහනය කළහැකි, අධි  ධාරිතාවෙන් යුත්,  අඩු කාබන් විමෝචන සහිත, නව  බලශක්තියෙන්  ධාවනය කෙරෙන  භාණ්ඩ  ප්‍රවාහන සේවාවක් ලෙස එය වර්තමානයේ,  ජාත්‍යන්තර වශයෙන් ද ඉතා ජනප්‍රියව පවතී.

ස්වභාවික පාරිසරික තත්ත්වයන්ට මැනෙවින් ඔරොත්තු දෙන ලෙස ක්‍රියාත්මක මෙම දුම්රිය සේවාව මගින්  භාණ්ඩ ප්‍රවාහනයට යන වියදම, ගුවන් මගින් භාණ්ඩ ප්‍රවාහනයට යන වියදම  මෙන් පහෙන් එකකි. ගමනාන්ත අතර ඊට ගත  වන කාලයද මුහුදු ප්‍රවාහනයට යන කාලයෙන් හතරෙන් එකක් පමණි. දුම්රිය,   පාරිභෝගිකයින් සහ සේවා දායකයින් අතර  එතරම් ජනප්‍රිය වීමට එම කරුණු  ද බෙහෙවින් බලපා ඇත.

පසුගිය වසරේ චීනය සහ යුරෝපය අතර සමස්ත භාණ්ඩ ප්‍රවාහනයෙන් 7%ක් සිදු  කෙරුණේ මෙම දුම්රිය මගිනි. 


පසුගිය කොවිඩ් - 19 වසංගත සමයේ සේම, වත්මන්   රුසියානු-යුක්‍රේන ගැටුම් මධ්‍යයේ පවා එය   අත්‍යවශ්‍ය භාණ්ඩ හා ද්‍රව්‍ය විදෙස්  ගමනාන්ත  වෙත කඩිනමින් බෙදා හැරීමේ අද්විතීය  මෙහෙවරක් ඉටු කළේය. සියලු සමාජ-පාරිසරික අභියෝගයන්ට ඔරොත්තු දෙන සේ එය සවිබල ගන්වා තිබීම ඊට හේතුවයි. මෙම දුම්රිය,  ආසියාව සහ යුරෝපයේ දේශ සීමා අතර ආරක්‍ෂිත භාණ්ඩ ප්‍රවාහනය පිලිබඳ කදිම අධ්‍යයනයක් ද වේ.


අඩු කාලය සහ වැඩි ඉතිරිය  
20241204ac4cf321455c4e429ff05c29193017e6 CbsbeeE007003 20241204 CBMFN0A004
මෙමගින් භාණ්ඩ ප්‍රවාහනයට  ගතවන්නේ ඉතා අඩු අන්තර් හුවමාරු කාලයකි.    එය,   අභ්‍යන්තර භාණ්ඩ හා සේවා සම්පාදනයේදී වැඩි ඉතිරියක්  ලබා  දෙන  අතර, ශක්තිමත් සේවා ජාලයක් ද බිහි කරයි. පසුගිය වසර 13 පුරාවට චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී     දුම්රිය සේවාවට  නව දුම්රිය මාර්ග පද්ධතීන් පවා එක්  කෙරිණි. ඒ සමග දැන් එය, පූර්ණ ඒකාබද්ධ දුම්රිය මාර්ග ජාලයක් ඔස්සේ ස්ථාවර, භාණ්ඩ හා  සේවා පහසුකම්  සම්පාදනයේ නිරත වෙයි. වර්තමානයේ, සමස්ත යුරේසියානු කලාපයම පාහේ ඊට එක් වී සිටී.  ඒ අනුව, යුරෝපීය රටවල් 25 ක නගර 227ක් ආවරණය වන පරිදි දුම්රිය සේවාව ක්‍රියාත්මක කෙරේ. එමෙන්ම, ආසියානු රටවල් 11 ක නගර 100කට අධික සංඛ්‍යාවක් දක්වාද එය ව්‍යාප්තව පවතී.


 සාම්ප්‍රදායික ක්‍රමවේද අතික්‍රමණය කෙරේ
 
මෙම දුම්රිය සේවාව මගින්, චීනය සහ යුරෝපය අතර සිදු කෙරෙන භාණ්ඩ හා සේවා හුවමාරුව, සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් වෙනස් වූ,    පූර්ණ වශයෙන් නවීකරණය වූ කාර්යෝපාය සම්පාදන ක්‍රියාවලියකි. මේ වන විට,  දුම්රිය සේවය ක්‍රියාත්මක ජාත්‍යන්තර  කලාප බොහොමයක   නව ව්‍යාපරික අවස්ථා රැසක් බිහි වී තිබේ. ඒ හේතුවෙන්, විවිධ මාදිලියේ නව නිෂ්පාදන  රැසක් හඳුන්වාදීමේ ඉඩ ප්‍රස්තා ද  උදා  වී තිබේ. මේ වන විට, චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන අධිවේගී  දුම්රිය මගින්   වර්ගීකරණ 53 ක් යටතේ, මෝටර් රථ අමතර කොටස්, යන්ත්‍ර සූත්‍ර, ඉලෙක්ට්‍රොනික උපකරණ, වසංගත මැඩලීමේ සෞඛ්‍ය නිෂ්පාදන  හා වෙනත් ද්‍රව්‍ය වැනි පුළුල් පරාසයකින් යුත්    50,000 කට අධික භාණ්ඩ සංඛ්‍යාවක්   ප්‍රවාහනය කෙරේ.


චීන නිෂ්පාදන කඩිනමින් යුරෝපයට

චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී   දුම්රිය, චීනයේ  නිෂ්පාදිත ඉලෙක්ට්‍රොනික උපාංග, ගෘහ භාණ්ඩ සහ නව බලශක්ති මෝටර් රථ වැනි දෑ   කඩිනමින් යුරෝපය වෙත යැවීමේ ක්‍රමවේදයකි.  එම පහසුව හේතුවෙන්, වෙළඳපොළ භාණ්ඩ මිල ද විශාල ලෙස අඩු වී තිබේ. යුරෝපීය රටවල පාරිභෝගිකයින්ට එමගින්  අත්‍යවශ්‍ය  භාණ්ඩ පහසුවෙන් මිලදී ගැනීමේ  හැකියාව පවතී. එමෙන්ම, මෙම දුම්රිය සේවය හේතුවෙන්, යුරෝපීය නිෂ්පාදකයින්ට සිය නිෂ්පාදන  චීන වෙළඳපොළෙහි හඳුන්වා දීමට  ද නව මංපෙත් විවර වී තිබේ.


ෂැන්ඩොංග් ප්‍රාන්තයෙන් එක්වන දුම්රිය

චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී  දුම්රිය සේවයට අයත් ඇතැම් දුම්රිය ඊට එක්වන්නේ,   එරට ෂැන්ඩොංග් ප්‍රාන්තයේ  ජිනාන් සහ ෂින්ඩාවෝ වැනි ප්‍රදේශවලිනි. එහි,  හේයර් සහ හයිසෙන්ස් සන්නාම යටතේ ඇති  භාණ්ඩ  නිෂ්පාදනය කෙරෙන කර්මාන්තශාලා පිහිටා තිබේ.  දුම්රිය සේවාව,   ඔවුන්ට  සිය නිෂ්පාදන,  ජාත්‍යන්තර වෙළඳපොලට නිකුත් කිරීමේ දී  විශාල පහසුවකි. මේ වන විට, 20,000කට අධික ආනයන සහ අපනයන සමාගම් සංඛ්‍යාවක් එහි සේවය ලබා ගනී. එමගින්, එම පෙදෙස් හරහා බහළු  840,000 ක් ඔස්සේ මෙතෙක් ප්‍රවාහනය කර ඇති භාණ්ඩවල සමස්ත වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.


පෝලන්ත ඇපල් චීන වෙළඳපොළට

GrupaIndex
මෙම දුම්රිය සේවය මගින් යුරෝපීය නිෂ්පාදන චීනය වෙත ආනයනය කිරීමේ පහසුවද සලසා තිබේ.

 පෝලන්තය දිගු කලෙක සිට ඉතා රසවත් ඇපල් වගාවට නම් දරා ඇති රටකි. චීනය සහ යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ආරම්භ වීමත් සමග, දැන්, චීන වෙළඳපොළෙහි ද ඇති තරම් පෝලන්ත ඇපල් විකිණීමට තිබේ.

සාමාන්‍යයෙන් නැව් මගින් පෝලන්තයේ සිට චීනය වෙත භාණ්ඩ ප්‍රවාහනයට දින 40ක් ගතවේ. එහෙත්, මෙම දුම්රිය නිසා, එම කාලය දින 14ක් තෙක්  අඩු වේ.  2022 වසරට සාපේක්ෂව පසුගිය වසරේ, පෝලන්තයෙන් චීනයට ආනයනය කරන ලද ඇපල් ප්‍රමාණය 23.2%කින් වර්ධනය වී තිබේ.


වූහාන් දුම්රිය පොළ සුපිරි වෙළඳ සංකීර්ණය

හුබෙයි පළාතේ, වූහාන් නගරයේ හන්කෞ  (Hankou) දුම්රිය ස්ථානයේ පිහිටි, ආනයනික භාණ්ඩ ගබඩාව චීනයේ අතිශය ජනප්‍රිය වූවකි. යුරෝපයේ සිට ආපසු පැමිණෙන චීන දුම්රියෙන් එම භාණ්ඩ  ආනයනය කෙරේ. එම  දුම්රිය ප්‍රවාහන ජාලයට අයත්  ජර්මනිය, ඉතාලිය, පෝලන්තය, තුර්කිය, රුසියාව සහ කසකස්ථානය වැනි රටවලින් ආනයනිත භාණ්ඩ එහි අලෙවියට තබා ඇත.  10,000කට අධික විවිධ වර්ගයේ   ආහාර පාන, රූපලාවන්‍ය නිෂ්පාදන   මෙන්ම, වෙනත්  විසිතුරු සහ අත්‍යවශ්‍ය පාරිභෝගික  භාණ්ඩ රැසක් ඒ අතර වේ. වර්ගීකරණ 10කට අධික විවිධ පරාසය්නගෙන් යුත්,  එම නිෂ්පාදන  අතර, ධාන්‍ය, ආහාර පිසින තෙල්, ආහාර වර්ග, විවධ පාන වර්ග, ක්ෂණික ආහාර නිෂ්පාදන, ගෘහ භාණ්ඩ, විසිතුරු භාණ්ඩ  සහ පුද්ගලික පරිහරණය වෙනුවෙන් සැකසූ නිෂ්පාදන  රැසකි.  යුරෝපයේ නිෂ්පාදන සොයා චීන පාරිභෝගිකයෝ දැන්  වැඩි වැඩියෙන් එහි පැමිණෙති.

මෙම බොහොමයක් භාණ්ඩ, විවිධ අතරමැදි නිෂ්පාදනාගාරවල අගය එක් කළ භාණ්ඩ නොව, "තීරයක් සහ මාවතක්" ව්‍යාපෘතියට සහභාගී වන  රටවල  දී, එකවර  නිෂ්පාදනය කළ ඒවාය. එහෙයින්, ඒවා ඉතා උසස් තත්ත්වයේ   මෙන්ම, ඉතා පහසු මිලට අලෙවි  කෙරෙන නිෂ්පාදන ද වේ. පෙර සැකසූ ක්ෂණික ආහාර නිෂ්පාදන, විවිධ පාන වර්ග සහ රූප ලාවන්‍ය  නිෂ්පාදන,  වැඩි වශයෙන් අලෙවි වන භාණ්ඩය. විශේෂ තීරු බදු සහන හේතුවෙන්, එහි එම භාණ්ඩ මිල බෙහෙවින් අඩු මට්ටමක පවතී.

 
අන් රටවල නිෂ්පාදන ප්‍රවර්ධනයටත් නියමු වැඩසටහනක්

වෙනත් රටවල නිෂ්පාදන  චීනය තුළ අලෙවි කිරෙමේ නියමු වැඩසටහන් ද දියත්ව පවතී. අධ්වීගී මගී ප්‍රවාහන දුම්රිය තුළ සහ චීන දුම්රිය ස්ථානවල පිහිටි  වෙළඳසල්හි ඒවා අලෙවියට ඉදිරිපත් කිරීම එහි  සාර්ථක  පියවරකි. එමගින් චීනය සහ යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී  දුම්රිය සේවාව රට පුරා ප්‍රචලිත වනවා පමණක් නොව, යුරෝපයේ නිෂ්පාදිත උසස් තත්ත්වයේ භාණ්ඩවලට   චීනයේ  ආකර්ශනීය වෙළඳපොළක් ද  නිර්මාණය වී තිබේ. ඇතැම් උසස් තත්ත්වයේ  නිෂ්පාදන දැන් චීනයට එන්නේ ස්පාඥ්ඥයෙනි. එරට සිට චීනයට නැව් මගින් භාණ්ඩ ආනයනය කළ සමාගම්, දැන් මෙම දුම්රියේ සේවය ලබා ගනිති. එය විශ්වාසී, කාර්‍යක්ෂම සහ  ලාභදායී සේවාවක් බව ඔවුහු පවසති. ඉන්, පාරිභෝගිකයාට වැඩි වාසි අත්  කර දියහැකි බව ඔවුන්ගේ විශ්වාසයයි.


ෂෙජියැන්ග් පළාතෙන් එක්වන සීඝ්‍රගාමී දුම්රිය

ෂෙජියැන්ග් පළාතේ, යිවු   (Yiwu) සිට චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී  දුම්රිය සේවයට නව දුම්රියක් එක්   කෙරුණේ 2014 දීය. ඊට පෙර, මුහුදු මගින්  සිදු කෙරුණු සාම්ප්‍රදායික බහළු ප්‍රවාහනයේදී, නෞකාවක් එහි,   ආසන්නතම  නින්ග්බෝ වරායට පැමිණීමට දින 45ක් ගත වූ අතර එතැන් සිට, ගොඩබිමින් එම භාණ්ඩ යළි ෂෙජියැන්ග් වෙත ප්‍රවාහනය කළයුතු විය. එහෙත්, දැන් මෙම දුම්රිය, යුරෝපයේ සිට දින 20ක් වැනි කෙටි කාලයක් තුළ, ඒ වෙත සෘජු භාණ්ඩ ප්‍රවාහනයේ යෙදේ.

වර්තමානයේ, ස්පාඥ්ඥයේ සිට ෂෙජියැන්ග් වෙත, බෝතල් කළ පානීය ජලය, ඔලිව් සහ සූරියකාන්ත තෙල්, විවිධ වයින් වර්ග සහ  හැම් වැනි ආහාර  නිෂ්පාදන රැසක් ආනයනය කෙරෙන්නේ චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී   දුම්රියෙනි. එමගින්, දෙරට අතර ඉතා කෙටි ප්‍රවාහන  චක්‍රයක් නිර්මාණය වී තිබේ. එය වෙළඳපොල මූල්‍ය සංසරණය  කළමනාකරණයට ද මහත්    පහසුවකි. නව දුම්රිය,  සිය ව්‍යාපාර ඵලදායිතාවට සෘජුවම සාධනීය ලෙස බලපා  ඇතැයි,  චීන ව්‍යාපාරිකයෝ පවසති.



දුම්රිය නිසා බිහිවූ නව රැකියා
w1900 h1229 x3360 y2174 190213 Containerumschlag bleibt Chinageschaeft waechst. Bild logport I in Duisburg Rheinhausen Copyright Hans Blossey 255804a70ce26a24
මීට අමතරව, යුරේසියානු රටවල ජනතාවද මෙම දුම්රිය සේවයෙන් විපුල ඵල නෙලා ගනිමින් සිටිති. දුම්රිය සේවය හේතුවෙන්,  ඩිස්බර්ග් වරායේ ( Duisburg Port), නව භාණ්ඩ හා සේවා සමාගම් 1000 කට ව්‍යාපාර කටයුතු ඇරඹීමටත්, එමගින්, නව රැකියා අවස්ථා 20,000කට අධික සංඛ්‍යාවක්   බිහි කිරීමටත් අවස්ථාව උදා වී තිබේ.


දුම්රියෙන් යුරෝපයට යන නව චීන නිෂ්පාදන

චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී  දුම්රියෙන් චීනයේ නව නිෂ්පාදන රැසක් ද යුරෝපය වෙත ප්‍රවාහනය කෙරේ. ඒ අනුව, හුබෙයි පළාතේ  කර්මාන්තශාලාවල නිෂ්පාදනය කෙරෙන නව බලශක්ති මෝටර් රථ මෙම දුම්රියෙන් යුරෝපය වෙත අපනයනය කෙරේ.

නව භාණ්ඩ හා සේවා ප්‍රවාහන ක්‍රියා දාමය තුළ  මහා මාර්ග ප්‍රවාහනය, සමුද්‍රීය සහ අභ්‍යන්තර ජල මාර්ග මත ප්‍රවාහනය මෙන්ම දුම්රිය ප්‍රවාහනයද සහ-සම්බන්ධිත ප්‍රවාහන ජාලයක් බවට පත් ව ඇත. ඒ අනුව, චීනයේ පළාත් රැසක නිෂ්පාදනය කෙරෙන නව බලශක්ති මෝටර් රථ පහසුවෙන් මෙම දුම්රිය ඔස්සේ යුරෝපය වෙත අපනයනය කෙරේ.


දුම්රිය නිසා බිහි වූ නව රේගු ක්‍රමවේද

චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන සීඝ්‍රගාමී දුම්රියේ උන්නතියට එරට තවත් රාජ්‍ය ආයතන රැසක් ද දායකව සිටී. චීන  රේගුව ඉන් ප්‍රධාන තැනක් ගනී. 2022 වසරේ සිට ක්‍රියත්මක  නව වැඩ පිළිවෙළ යටතේ, රේගු  කටයුතු කඩිනම් කිරීමත් සමග, නිශ්කාෂණ  කාලය සීඝ්‍රයෙන් අඩු වී තිබේ. ඉන්, ප්‍රවාහන සබඳතා සහ ඒ හා සබැඳි සන්නිවේදන ක්‍රියාවලියද තිරසර ලෙස  කාර්‍යක්ෂමව පවතී.

මෙම දුම්රිය සේවයට අයත් සෑම දුම්රියක්ම ඉතා කඩිනම්, ආරක්ෂාකාරී සේවාවක් සපයයි. ඒ වෙනුවෙන්, එහි කාර්ය මණ්ඩල මැනෙවින් පුහුණු කර තිබේ. සියලු ප්‍රවාහන කටයුතු, භාණ්ඩ සහ පුද්ගල ප්‍රවාහනය පිලිබඳ ජාත්‍යන්තර  රෙගුලාසිවලට අනුකූලව, දැඩි අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

b6e76d720517b8e89cafb4ed4117a3ae
ඓතිහාසික සනිටුහන අනාගතයේ ඇරඹුමයි

සමස්තයක් ලෙස චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන  සීඝ්‍රගාමී දුම්රිය  සේවය මගින්, චීනයේ සහ වෙනත් රටවල විශාල පිරිසකට   පෘථුල ව්‍යාපාරික අවස්ථා උදා කර  ඇත. ලොව පුරා මෙම දුම්රිය ගමන් මග වෙසෙන මිලයන ගණනක  ජනතාවට පහසු මිලට විවධ මාදිලියේ භාණ්ඩ රැසක්  මිලදී ගැනීමේ හැකියාව දැන් උදා වී තිබේ.

අද සනිටුහන්  කෙරෙන චීන-යුරෝපා භාණ්ඩ ප්‍රවාහන  සීඝ්‍රගාමී දුම්රිය  සේවාවේ 100,000 වන ගමන් වාරය, ආරම්භයක් පමණක් බව චීන දුම්රිය බලධාරීහු පවසති. මන්ද, අනාගතය උදෙසා එය තවදුරටත්, ස්ථාවර, ආරක්ෂාකාරී මෙන්ම විශ්වසනීය උසස් තත්ත්වයේ ප්‍රවාහන සේවාවක් තෙක්, ශක්තිමත්ව ප්‍රවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ ක්‍රියාවලිය දැනටමත් ක්‍රියාත්මක කර ඇති බැවිනි.

(CHINADAILY.COM.CN ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)  

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්