ප්‍රංශයේ රජය ඊයේ (04) බිඳ වැටිණි.
එරට නීති සම්පාදකයෝ රජයට එරෙහි විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමත් සමග ප්‍රංශයේ නව දක්ෂිණාංශික රජයක් බිහි වීමේ ලකුණු පහළ වී තිබේ.
අග්‍රාමාත්‍ය මයිකල් බාර්නියර් (Michel Barnier) ට සිය ධුරය අහිමි විය. ප්‍රංශයේ නව අග්‍රාමාත්‍ය ධුරය 29 හැවිරිදි ජෝර්ඩන් බාර්ඩෙල්ලා (Jordan Bardella) විසින් හිමි කර ගනු ඇතැයි විශ්වාස කෙරේ.
ඊයේ විශ්වාසභංගයට ඡන්දය දීමට ඔහු පාර්ලිමේන්තුවේ නොසිටි මුත්, ඒ ආසන්නයේ ස්ථානයක, සිය නවතම කෘතියේ පිටපත් සිය අත්සනින්, පාඨකයන් අතර බෙදා දෙමින් උද්යෝගයෙන් ගතකළ බව මාධ්‍ය වාර්තා කළේය. "What I'm Looking For," ඔහුගේ නවතම කෘතියයි. එය පාඨකයින් අතට පත්වනවා දැකීමට ප්‍රංශ රජය කිසිසේත් කැමති නොවූ බව ඔහු කියා සිටියේය.
පසු ගිය හය මසක කාලය තුළ ප්‍රංශ රජය මුහුණ දුන් දෙවන දේශපාලන අර්බුදය මෙය වේ. දක්ෂිණාංශික, ජාතිකවාදී නායක මැරයින් ලෙ පෙන් (Marine Le Pen), රජය පෙරලා දැමීමේ සටනේ පෙරමුණ ගෙන ක්‍රියා කළේය. ඉදිරි වසර වෙනුවෙන් රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය දැඩි අභියෝගයට ලක් විය.
ප්‍රංශය තුළ මේ වන විට දැඩි සංක්‍රමණික අර්බුද පවතී. එරට තරුණ පාතාල කණ්ඩායම් බිහිවී ඇති අතර, ඔවුන් එදිනෙදා ජන ජීවිතයට තර්ජනයක්ව ඇත. විශේෂයෙන්ම, කළු ජාතිකයින්ගේ ආගමනය වර්ධනය වීමත් සමග එම භීෂණකාරී තත්ත්වය තව දුරටත් උත්සන්න වී ඇතැයි, ප්‍රංශ ජාතිකයෝ පවසති.
බාර්ඩෙල්ලා වටා එරට විශාල තරුණ ආකර්ෂණයක් පවතින අතර, වත්මන් සමාජ-ආර්ථික අර්බුද විසඳීමට නිසි දර්ශනයකින් යුත් නිවැරදි නායකත්වයක් ලබා දිය හැක්කේ ඔහුට පමණකැයි, බොහෝ පිරිස් ප්‍රකාශ කරති. ප්‍රංශය තුළ ආගමන නීති සහ අපරාධ නීති දැඩි කළ යුතු බව ඔහු කියා සිටී. රටෙහි පවතින දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා ඔහු සතුව අගනා වැඩපිළිවෙළක් ඇතැයි, බාර්ඩෙල්ලාගේ පාඨකයෝ පවසති.
(Reuters ඇසුරින් සටහන; හ ර් ෂ උදයකාන්ත විසිනි)






