පසුගිය 3 වන දා දකුණු කොරියාව තුළ හමුදා නීතිය පැනවීම සම්බන්ධයෙන් ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකළ හිටපු ආරක්ෂක අමාත්‍ය කිම් යොන්ග්-හ්යුං (Kim Yong-hyun) සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි වාර්තා වේ.
එරට හමුදා නීතිය පැනවීමට එරෙහිව විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ගෙනා යෝජනාව හමුවේ, ජනපතිවරයාට එම නීතිය ආපසු හරවා ගැනීමට සිදු විය. හිටපු ආරක්ෂක අමාත්‍යවරයා හමුදා භාරයට ගැනිණි.
හිටපු ආරක්ෂක අමාත්‍යවරයා රඳවා තිබූ රැඳවුම් මධ්‍යස්ථානය තුළදී ඔහු සිය දිවි නසා ගැනීමට තැත් කර ඇතැයි, දකුණු කොරියානු අධිකරණ අමාත්‍යංශ නිලධාරියකු පැවසූ බව රොයිටර්ස් පුවත් සේවය පැවසීය.
(Reuters ඇසුරින් සටහන: හර්ෂ උදයකාන්ත විසිනි)






