leader s

ඉක්වදෝරයේ නීතිපති දෙපාර්තමේන්තුව එරට හමුදා සාමාජිකයින් 16 දෙනකුට එරෙහිව අධිකරණයේ නඩු පැවරීමට සැරසේ.  


අවුරුදු 11ත් 15ත් අතර වයස්වල පසු වූ බාල වයස්කරුවන් සිව් දෙනකු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම නිමිති කොට ඔවුන්ට එරෙහි නඩු පැවරීමට කටයුතු  කෙරෙන බව, එරට නීතිපති දෙපාර්තමේන්තුව ඊයේ (23) නිවේදනය කළේය.  

පැසිෆික් වෙරළාසන්න නගරයක් වන ගොයාකිල් (Guayaquil) හිදී පසුගිය 08 වැනිදා සිට එම බාලවයස්කරුවන් 04 දෙනා අතුරුදන්ව සිටිති. ඒ සම්බන්ධයෙන් ඉක්වදෝරය පුරා මහජන කැළඹීම් ද හට ගෙන තිබේ.

noboa 1700762886

එරට අපරාධ මැඬලීම පිණිස, රජය ගත් දැඩි පියවරත් සමග එම අතුරුදන් වීම් සිදු වී ඇති බව වාර්තා වේ. ඉක්වදෝරයේ අපරාධ කල්ලි 22ක් ත්‍රස්තවාදී සංවිධාන ලෙස නම් කිරීමට ජනපති ඩැනියෙල් නොබෝවා (Daniel Noboa) පසුගිය දා පියවර ගත්තේය. රට පුරා හදිසි නීතිය ප්‍රකාශයට පත් කළ අතර, වීදි පුරා හමුදා මුර සංචාර සහ නිරීක්ෂණ තර කෙරිණි. අවශ්‍ය ඕනෑම අවස්ථාවෙක බලය යොදා කටයුතු කිරීමට හමුදාවට උපදෙස් දී තිබේ.


එරට නීතිපති දෙපාර්තමේන්තුවේ, බලය අවභාවිතා කිරීම පිලිබඳ විමර්ශන ඒකකය විසින් එම හමුදා භටයින් 16 දෙනාට එරෙහිව නඩු පැවරීම පිණිස දිනයක් සහ වෙලාව ඉල්ලා ඇතැයි, එක්ස් (X) පණිවුඩයක් ඔස්සේ එම කාර්යාලය දන්වා සිටී.  

එම හමුදා භටයින් පිරිස ඇන්ඩියන් (Andean) දේශ ගුවන් හමුදා සාමාජිකයින් බවත්, ඔවුන් මේ වන විට හමුදා භාරයට පත් කර ඇති බවත්, ඉක්වදෝර ආරක්ෂක අමාත්‍යංශය ද වෙනම එක්ස් (X) පණිවුඩයක් මගින් දන්වා තිබේ.

 

download 4පැසිෆික් වෙරළාසන්න නගරයක් වන ගොයාකිල් (Guayaquil) හිදී පසුගිය 08 වැනිදා සිට එම බාලවයස්කරුවන් 04 දෙනා අතුරුදන්ව සිටිති. ඒ සම්බන්ධයෙන් ඉක්වදෝරය පුරා මහජන කැළඹීම් ද හට ගෙන තිබේ.

පෙරු,  ඉක්වදෝරය, බොලිවියාව සහ කොලොම්බියාව යන දකුණු ඇමරිකානු රාජ්‍යයන් ඇන්ඩියන් සාමූහිකයට අයත් රටවල් ලෙස හැඳින්වේ. කලාපීය ඒකාග්‍රතාව සහ පොදු ලතින් ඇමෙරිකානු වෙළඳපොළ ඉලක්ක කර, එම රටවල් අතර හවුල්කාර කාර්මික, කෘෂිකාර්මික, සාමාජික සහ වෙළඳ සහයෝගිතා ප්‍රවර්ධනය කෙරේ.

පුද්ගල අතුරුදන්වීම් සම්බන්ධයෙන් ඉක්වදෝර ගුවන් විදුලිය ඔස්සේ ඉකුත් සඳුදා (23) විශේෂ ප්‍රකාශයක් කළ ජනපති නොබෝවා, ඊට සම්බන්ධ පිරිස්, සාමන්‍ය පුද්ගලයින්,  පූජකයින්, පොලිස් හෝ හමුදා නිළධාරීන් වැනි කුමන තරාතිරමේ අය වුවත්, ඒ සියලු දෙනාට නීතිය ඉදිරියේ පෙනී සිටීමට සිදුවන බව අවධාරණය කළේය.


download 5අතුරුදන් වූ දින, ඔවුන් පාපන්දු ක්‍රීඩාව පිණිස පිටත්ව ගිය බව, එම පවුල් සාමාජිකන් විසින් මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.  
අපරාධ රැල්ල මැඬලීමේ රාජ්‍ය ක්‍රියාන්විතයට මුවාවී සිදුකළ තවත් නීතිවිරෝධී, සාපරාධී මිනිස් ඝාතන අටක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වන, එරට ආරක්ෂක අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව ද පරීක්ෂණ සිදු කෙරෙමින් ඇතැයි, එරට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.  

වීදි නිරීක්ෂයේ යෙදී සිටි හමුදා භට පිරිසක් විසින්, යම් සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි බාල වයස්කාර පිරිමි දරුවන් සිව් දෙනකු,  පසුව මුදාහළ බව එරට ආරක්ෂක අමාත්‍යංශය මීට පෙර නිවේදනය කළේය. අතුරුදන් වූ දින, ඔවුන් පාපන්දු ක්‍රීඩාව පිණිස පිටත්ව ගිය බව, එම පවුල් සාමාජිකන් විසින් මාධ්‍යට ප්‍රකාශ කර තිබිණි.  

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්