leader s

රුසියාවට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් මධ්‍යධරණී සාගරයේ ගිලී යයි. එය ත්‍රස්ත ප්‍රහාරයක් නිසා සිදු වූවක් බව රුසියාව පවසයි.


අනතුර ඊයේ (24) සිදු වී ඇතැයි, එරට රාජ්‍ය පුවත් ඒජන්සිය, RIA අද පැවසීය.

2009 වසරේ නිෂ්පාදිත එම නෞකාව වෙත එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් එහි ඇන්ජින් කුටියට බරපතල හානි සිදුවීමත් සමග නෞකාව සයුරේ ගිලී ගිය බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේය. අනතුරින් 16 දෙනකුගෙන් සමන්විත නෞකා කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් අතුරුදන්ව සිටිති.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ හමුදා ඉදිකිරීම් මෙහෙයුම් භාර පාර්ශ්වයේ කොටස්කරුවකු වන ඔබෝරෝන්ලොජිස්ටිකා ( Oboronlogistika) සමාගමට අයත්  නෞකාව ත්‍රස්ත ඉලක්කයක්ව එම ප්‍රහාරයට ගොදුරු වූ බව රුසියානු රාජ්‍ය පුවත් ඒජන්සිය පැවසීය.

ප්‍රහාරයට ලක්වන අවස්ථාවේ, නෞකාව විශාල ගැන්ට්‍රි දොඹකර දෙකක් රැගෙන රුසියාවේ නැගෙනහිර කෙළවර පිහිටි ව්ලදිවොස්ටොක් (Vladivostok) වරාය බලා යාත්‍රා කරමින් තිබූ  බව එය අයත් සමාගම ප්‍රකාශ කළේය.

(Reuters ඇසුරින් සටහන |  හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්