ජපාන ගුවන් සේවයට සයිබර් ප්‍රහාරයක් එල්ල වේ. ඒ හේතුවෙන් අද දින ඊට අයත් දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් බොහොමයක් ප්‍රමාද කිරීමට සිදු වූ බව එම ගුවන් සේවය නිවේදනය කළේය.
එරට වේලාවෙන් පෙ.ව.7.24 (ජාත්‍යන්තර වේලාවෙන් 2224) ප්‍රහාරය එල්ල වී තිබේ. ඒ සමග ගුවන් සමාගමට අයත් අභ්‍යන්තර සහ බාහිර තොරතුරු පද්ධති සියල්ල බාධාවට ලක්වූ බව ජපන් ගුවන් සේවය පවසයි.
තොරතුරු පද්ධති අකර්මණ්‍ය කළ එක් සන්නිවේදන රවුටරයක් සම්පූර්ණයෙන් අක්‍රීය කිරීමට පියවර ගෙන තිබේ. අද ජපාන ගුවන් සේවයට අයත් මගී ගුවන් යානා ප්‍රවේශපත් අලෙවියද අවලංගු කිරීමට සිදු විය.
ජපානය සතු දෙවන විශාලතම ගුවන් සේවය වන ආනා (ANA Holdings) ගුවන් සමාගම
සයිබර් ප්‍රහාරයෙන්, ජපානය සතු දෙවන විශාලතම ගුවන් සේවය වන ආනා (ANA Holdings) ගුවන් සමාගමට කිසිදු බලපෑමක් නැතැයි, එහි නිලධාරීහු ප්‍රකාශ කළහ.
මෙම සතිය ආරම්භයේ ඇමෙරිකානු ගුවන් සේවයට අයත් ගුවන් යානා සියල්ලද පැයක කාලයකට සියළු ගුවන් ගමන් අත්හිටුවීමට පියවර ගත්තේය. එහි පරිගණක ජාල දෘඩාංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් එම පියවර ගත් බව ගුවන් සේවා බලධාරීහු ප්‍රකාශ කළහ. ඉන්, නත්තල් සංචාර වල යෙදීමට අපේක්ෂාවෙන් පසු වූ දහස් ගණන් ගුවන් මගීන්ට බාධා සිදු විය.
(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)






