leader s

අද හිමිදිරි උදෑසන ගාසා තීරයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ ජනමාධ්‍යවේදීන් පස් දෙනකු ඇතුළු දස දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එහි සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.
මධ්‍යම ගාසා තීරයේ නුසෙරත් හි අලවුදා රෝහල් පරිශ්‍රය ආසන්නයේ සිදුකළ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ එම ජනමාධ්‍යවේදීන් පිරිස මරණයට පත්විය. ප්‍රහාර හේතුවෙන් ඔවුන් ගමන්ගත් මෝටර් රථය විනාශයට පත්ව තිබේ. 


ඔවුන් අල්-ඛඩ්ස් අල්-යොවුම් (Al-Quds Al-Youm) රූපවාහිනියට අයත් ජනමාධ්‍යවේදී කාර්යමණ්ඩල සාමාජිකයින් පිරිසක් බව වාර්තා වේ.

 

ඔවුන් ගමන් කළ මෝටර් රථයේ "මාධ්‍යය" (PRESS) යනුවෙන් පැහැදිලිව සටහන් කර තිබූ බවත්, රෝහලේ සහ නුසෙරත් කඳවුරේ සිට තොරතුරු වාර්තා කිරීම පිණිස ජනමාධ්‍යවේදීන් විසින් එම රථය භාවිතා කරමින් පැවති බවත්, පලස්තීන මාධ්‍ය සහ ප්‍රාදේශීය වාර්තාකරුවෝ කියා සිටිති. 

journalists3445

 

එහෙත්, එම රථය තුළ වූ ඉස්ලාමීය ජිහාඩ් සන්නද්ධ සටන් කරුවන් ඉලක්ක කොට ගුවනේ සිට ඒ වෙත ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායල හමුදා පැවසූහ. 

ගාසා නගරයට එල්ල කළ තවත්  ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පුද්ගලයින් පස් දෙනෙක් මියගොස් 20කට අධික පිරිසක් තුවාල ලදහ. ගුවන් ප්‍රහාරයෙන් විනාශයට පත් ගොඩනැගිලිවල සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයින් හේතුවෙන්, මරණ  සංඛ්‍යාව තව දුරටත් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

ගාසා තීරයේ සටන් විරාම ප්‍රවර්ධනය  කඩාකප්පල් කිරීම පිළිබඳව ඊයේ (25) පලස්තීන හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය එකිනෙකාට චෝදනා එල්ල කළහ. 

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්