leader s

පුද්ගලයින් 181 දෙනෙකු රැගත් ගුවන් යානයක් දකුණු කොරියාවේ ගුවන් තොටුපළකදී කඩා වැටීමෙන් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යොන්හැප් ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි.
 
දකුණු කොරියානු පුවත් ඒජන්සිය වාර්තා කරන්නේ, ගුවන් යානය ධාවන පථයෙන් ඉවතට පැන, මුවාන් ජාත්‍යන්තර ගුවන්තොටුපලේ තාප්පයක ගැටී ඇති බවයි.
 
මගීන් 175 දෙනෙකු සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 6 දෙනෙකු රැගත් ජෙජු එයාර් ගුවන් යානය තායිලන්තයේ බැංකොක් නුවර සිට පියාසර කරමින් තිබූ අතර යානය දකුණු කොරියාවට ගොඩබෑමේදී මෙම අනතුර සිදුව ඇති බවය.
 
පුද්ගලයන් දෙදෙනෙකු ජීවතුන් අතර සිටින අතර මුදාගැනීමේ මෙහෙයුම් තවමත් සිදුවෙමින් පවතින බව ගිනි නිවන නිලධාරියෙකු රොයිටර් පුවත් ඒජන්සියට පැවසීය.
 


ගුවන් තොටුපල නිලධාරියෙකු පැවසුවේ ගුවන් යානයේ පිටුපස කොටසේ පුද්ගලයින් බේරා ගැනීමට හදිසි සේවා කටයුතු කරමින් සිටි බවයි.

යානය කඩා වැටීමට හේතුව අපැහැදිලි නමුත් කුරුල්ලෙකු ගැටීම නිසා ගොඩබෑමේ ආම්පන්න අක්‍රිය වීම ඊට හේතු වන්නට ඇති බව යොන්හැප් වාර්තා කරයි.

සමාජ මාධ්‍යවල පළ කරන ලද සත්‍යාපනය නොකළ දර්ශන පෙන්නුම් කරන්නේ ගුවන් යානය ධාවන පථයෙන් ලිස්සා ගොස් තාප්පයක ගැටී එහි කොටසක් ගිනි ගන්නා අයුරු ය. තවත් දර්ශනවල දැක්වෙන්නේ විශාල කළු දුමාරයක් අහසට නැඟෙන අයුරුය.

(සටහන |ජෝර්ජ් රයිට්)
බීබීසී පුවත්
BBC සිංහල සේවය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්