leader s

අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වු ජිමි කාටර් අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඔහු සියවන වියෙහි පසු වු අතර අමෙරිකාවේ ජීවතුන් අතර සිටි වයස්ගතම ජනාධිපතිවරයා ලෙස කාටර් නම් කිරීම පසුගියදා සිදුකෙරුණි.

වර්ෂ 1977 සිට 1981 දක්වා කාලයේ දී ජිමී කාටර් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය.

කලක් රෝගාතුරව සිටි ඔහු ඊයේ (29) පස්වරුවේ ජෝරිජියාවේ සිය නිවසේ දී අභාවප්‍රාප්ත වු බව X පණිවුඩයක් නිකුත් කරමින් ධවල මන්දිරය ප්‍රකාශ කර තිබුණි.

1924 ඔක්තෝබර් මස 01වනදා උපත ලැබු ජිමි කාටර් නොබෙල් සාම ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයකු වන කාටර් ඇමෙරිකාවේ 39 වැනි ජනාධිපතිවරයාය. කාටර්ගේ බිරිඳ රොසලීන් 2023 දී දිවියෙන් සමුගත්තාය.

 
 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්