leader s

යේමනයේ හුති ත්‍රස්ත ඉලක්ක වෙත ඊයේ (31) සහ සඳුදා (30) සිට නාවුක, ගුවන් ප්‍රහාර එල්ල කළ බව එක්සත් ජනපද හමුදා පවසති.
යේමනයේ සනා අගනුවර සහ වෙරළාසන්න කලාප එම ප්‍රහාරයන්ට ලක් විය. 


හුති සංවිධානය සතු සාම්ප්‍රදායික, උපක්‍රමික අවි ගබඩා සහ කම්හල් ඉලක්ක කර ප්‍රහාර එල්ල කෙරිණි. ඔවුන්ගේ මිසයිල සහ ඩ්‍රෝන මධ්‍යස්ථාන ද ඉන් විනාශයට පත් විය. ත්‍රස්තයින්ට අයත්, අණ දෙන සහ පාලන මධ්‍යස්ථාන කිහිපයක් ද විනාශ කළ බව එක්සත් ජනපද හමුදා පැවසූහ.

වසරකට අධික කාලයක් තිස්සේ, රතු මුහුදේ යාත්‍රා කරන ජාත්‍යන්තර වෙලඳ නෞකා, ඉරාන සහාය හිමි හුති කැරලිකරුවන්ගේ නිරන්තර ප්‍රහාරයන්ට ලක්වෙමින් පවතී. ඒ හේතුවෙන්, ලෝක සේවා සැපයුම් ජාලය ද මේ වන විට අර්බුදයට ලක්ව තිබේ. ගමනාන්තයන්හි සහ ගෝලීය වෙළඳ පොළ භාණ්ඩ හා සේවා මිල ඉහළ ගොස් ඇති අතර එය, ගෝලීය උද්ධමනය කෙරෙහිද අහිතකර ලෙස බලපා ඇත.

 

ගාසා තීරයේ පලස්තීනුවන්ට සහාය දැක්වීම පිණිස ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය ඇතුළු මිත්‍ර සන්ධානයට එරෙහි ප්‍රහාර එල්ල කරන බව හුති සංවිධානය පවසයි. 

සතුරු ප්‍රහාරයන්ගෙන් දේශය ආරක්ෂා කර ගැනීමට සියලු පියවර ගන්නා බව හුති මාධ්‍ය ප්‍රකාශක මොහම්මෙද් අබ්දුල්සලාම් (Mohammed Abdulsalam ) ප්‍රකාශ කළේය. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්