leader s

2025 වසර උදා වීමට වරුවක් තිබියදී, ඊයේ (31) පස්වරුවේ පුවටෝ රිකෝ (Puerto Rico) දිවයිනේ ජාතික විදුලි ජනන පද්ධතිය අක්‍රියව ගියේය.
 
නව වසර උදාවන රාත්‍රිය අඳුරේ ගත කිරීමට සියලු දූපත් වැසියන්ට සිදු විය. බලශක්ති පද්ධතිය යථාවත්  කිරීමට අවම වශයෙන් දින දෙකක් ගතවනු ඇතැයි, බලධාරීහු පැවසූහ. 


එරට වේලාවෙන්, ඊයේ සවස 1.00ට පමණ, එහි බලශක්ති පද්ධතිය, බිඳ වැටීමත් සමග එරට විදුලි පාරිභෝගිකයින්  87% ක පමණ ප්‍රතිශතයකට විදුලි සැපයුම විසන්ධි විය. 

 



ලූමා එනර්ජි (LUMA Energy) සමාගම විසින් එරට බලශක්ති සම්පාදනය සිදු කෙරේ. පද්ධතියේ විවිධ දෝෂ හේතුවෙන්, පසුගිය කාලය පුරාවට, විටින් විට එහි හදිසි බිඳ වැටීම් සිදු විය. ඒ  හමුවේ, එරට වැසියෝ, මහත් අසීරුතාවන්ට පත්වූහ.

පද්ධතිය යළි සක්‍රීය කිරීමට, අවමයෙන් දෙදිනක්වත් ගතවනු ඇතැයි, ලූමා සමාගම පවසයි. එහෙත්, ආරෝග්‍යශාලා වැනි අත්‍යවශ්‍ය සේවා කිහිපයක් වෙත පමණක්  විදුලි සැපයුම යථාවත් කිරීමට පියවර ගත්  බව එම සමාගම පසුව දන්වා සිටියේය. භූගත සැපයුම් මාර්ගයක හටගත් දෝෂයක් හේතුවෙන්, බලශක්ති පද්ධතිය බිඳ වැටී ඇතැයි, සමාගම පැවසීය.

 

රැය පුරා විදුලිය විසන්ධි වීමෙන්, පුවටෝ රිකෝ හි නව වසර උදාවේ, සැමරුම් උත්සව සහ සන්ධ්‍යා ප්‍රිය සම්භාෂණ සියල්ල ද අඩාල  විය.

A street is dark during a blackout in San Juan, Puerto Rico, after sunset on Tuesday, Dec. 31, 2024. (AP Photo/Alejandro Granadillo)

 

ලූමා සමාගමට අමතරව, ජෙනිරා (Genera) නම් තවත් සමාගමක් ද එරට විදුලි බල සම්පාදනයේ නිරත වේ. එම කිසිදු පුද්ගලික සමාගමක් මේ දක්වා, ඊයේ විදුලිය විසන්ධි වීම පිලිබඳ වගකීම භාර ගෙන නැත. 

දැනට දශකයට අධික කාලයක් මුළුල්ලේ එරට ජනතාව, වරින් වර විදුලි විසන්ධියෙන් බැට කමින් සිටිති. ඒ හෙතුවෙන්, අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම්, එරට කර්මාන්ත සහ සෞඛ්‍ය ක්ෂේත්‍රය ඇතුළු අංශ ගණනාවක් ගැටලුවලට මුහුණ පා තිබේ. මේ වන විට, පැරණි විදුලි ජනන යන්ත්‍රවල ආයු කාලය  ඉක්ම ගොස් ඇත. ඒ මත නව ආයෝජන සිදු කිරීමට පද්ධතියේ මෙහෙයුම් භාර සමාගම් අපොහොසත්ව සිටිති.

ලූමා සමාගම සමග පවතින ගිවිසුම වහා අවලංගු කරන ලෙස රජයට බලකරමින් එරට මහජන උද්ඝෝෂණ ද පැවැත්විණි. ඊට පිළිතුරු ලෙස, තමන්ට පණ  දෙන්නට සිදු වූයේ, වසර ගණනාවක් පැරණි, "බාගෙට මැරුණු" ජනන පද්ධතියකට බව ලූමා සමාගම ප්‍රකාශ කළේය.

GettyImages 2191271509 uxOnDN

 

නිරන්තරයෙන් බිඳ වැටෙන බලශක්ති පද්ධතිය හමුවේ, පුවටෝ රිකෝ හි සමස්ත ජන ජීවිතය ද දෛනිකව ඇද වැටෙමින් පවතී. එරට ආර්ථිකය සහ ජන ජීවිතවල යහ පැවැත්ම කෙරෙහි එය වත්මන, ඉතා අහිතකර ලෙස බලපා තිබේ. 

දේශීය බලශක්ති සැපයුම වග විභාගයෙන් තොරව, පුද්ගලික අංශය වෙත පැවරීමට ප්‍රසම්පාදන ක්‍රියාවලියේ නිරත ලොව බොහෝ රාජ්‍යයන්ට පුවටෝ රිකෝ සිදුවීම, 2025 නව වසර උදාවේ, කදිම පාඩමක් උගන්වා ඇත.   

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්