leader s

එක්සත් ජනපද හමුදා ජ්‍යෙෂ්ඨයෙක්, අයිසිස් (ISIS) ධජය රැගත් ට්‍රක් රථයක් ජනකායක් වෙත අධික වේගයන් ධාවනය කර ඊයේ (01) එක්සත් ජනපදයේ,

ලුසියානා ප්‍රාන්තයේ නිව් ඔර්ලීන්ස් (New Orleans)  හි සිදු කළ ට්‍රක් රථ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 15 දෙනෙක් මරණයට පත් ව තිබේ. 

රථය, ජනකාය මධ්‍යයට ධාවනය කර අනතුර සිදු කිරීමෙන් පසු, ඔහු  ට්‍රක් රථයෙන් බැස තම අත වූ ගිනි අවියෙන් "හතර අතට" වෙඩි තැබූ බව සිද්ධිය ඇසින් දුටුවෝ පැවසූහ.

ෂම්සුදින් ජබ්බාර් (Shamsud-Din Jabbar) නැමති හතලිස් දෙහැවිරිදි එම ඝාතකයා, කලක් ඇෆ්ඝනිස්ථානයේ එක්සත් ජනපද හමුදා නිලධාරියකු ලෙස සේවය කළ අයෙකි. සිද්ධිය අවස්ථාවේ, පෙරලා සිදු කළ පොලිස් වෙඩි තැබීමෙන් ඔහුද ජීවිතක්ෂයට පත් විය. ප්‍රහාරයෙන් පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඇතුළු 30 දෙනෙක් තුවාළ ලැබූහ.

 

නිව් ඔර්ලීන්ස් වැසියන් නව අවුරුදු උදාවේ සැණකෙළි, සංදර්ශන සහ මදුවිත සපිරි ප්‍රිය සම්භාෂණ පවත්වමින් සිටි අවස්ථාවක, එරට වේලාවෙන්, ඊයේ පෙ.ව.3.15ට පමණ සිවිල් පුද්ගලයින් ඉලක්ක කර එම අවාසනාවන්ත ට්‍රක් රථ ප්‍රහාරය එල්ල කර තිබේ. රථය තුළ තිබී ගිනි අවි සහ පුපුරන ද්‍රව්‍ය හමු වූ බවද පොලිසිය  සඳහන් කළේය.

සිදුවීමෙන් පසු, එහි පැවැත්වීමට නියමිතව තිබූ නොත්‍රිදාම සහ ජෝර්ජියා පා පන්දු කණ්ඩායම් අතර වාර්ෂික නව අවුරුදු පා පන්දු තරගය ද අද දිවා භාගය තෙක් අවලංගු කෙරිණි. සිද්ධිය පිටුපස තවත් පිරිස් ඇතැයි බුද්ධි අංශ පවසති. 

 

17357335230666
එක්සත් ජනපද ජනපති ජෝ බයිඩන් ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශයක් ද නිකුත් කර තිබේ. 

(Reuters  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්