leader s

වර්ජින් ඕස්ට්‍රේලියා (Virgin Australia) ගුවන් සේවයට අයත් ගුවන් කාර්ය මණ්ඩල සේවිකාවන් දෙදෙනෙක් ෆීජී දේශයේදී අපයෝජනයට ලක් කිරීම පිලිබඳ විමර්ශනයක් ඇරඹේ.
 
එම ගුවන් සේවයට අයත් යානයක් ෆීජී වෙත ළඟාවීමෙන් අනතුරුව ලද විවේකයේ, එම සේවිකාවන් දෙදෙනා, එරට ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන නාදි (Nadi) වෙත පැමිණි අවස්ථාවේ, එම අවාසනාවන්ත අපරාධයට ගොදුරු වී තිබේ. එම සිදුවීමට අමතරව, ඔවුන් දෙදෙනා මං පැහැරීමට ද ලක්ව ඇතැයි ෆීජී පොලිසිය පවසයි. 


2025 නව වසර උදාවේ අළුයම් කාලයේදී ඔවුන් එම අපරාධයන්ට ගොදුරු වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි රජය කියා සිටී. 

 



ගුවන් සේවිකාවන් දෙදෙනා එහි රාත්‍රී සමාජ ශාලාවක් වෙත ගිය අවස්ථාවේ, එම අනතුරට ලක්ව තිබේ. ඔවුන්, සමාජ ශාලාවෙන් පිටතට පැමිණ යළි සිය හෝටලය වෙත යාමට මග විමසීමේදී මෙම අවාසන්තවන්ත සිදුවීමට ලක්වී ඇතැයි, එරට වැඩ බලන පොලිස් කොමසාරිස්  ජුකී ෆොඞ් චූ (Juki Fong Chew) පැවසීය.

ඔවුන් ඊට මුහුණ පා ඇත්තේ, සේවයේ නියුතු ගුවන් යානයෙන් අද දින යළි පිටත්වීමට නියමිතව තිබියදීය. අපරාධයට මුහුණ පෑ ගුවන් සේවිකාවන්ට යුක්තිය ඉල්ලා සිදු කෙරෙන විමර්ශනයන්ට සහාය පිණිස, ගුවන් සේවය විසින් අදාළ කාර්ය මණ්ඩල ෆීජී බලා පිටත් කර යවා තිබේ.

එම ස්ත්‍රී අපයෝජනය සහ මං පැහැරීම වෙන් වශයෙන් සිදු වූ අපරාධ දෙකක් යැයි, එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය විලියෙම් ගැවොකා (Viliame Gavoka) පවසයි. 

 

Viliame Gavokaවිලියෙම් ගැවොකා
සිද්ධියට සම්බන්ධ අපරාධකරුවන් පොලිසිය විසින් හඳුනා, ඔහුගෙන් ප්‍රශ්න කෙරෙමින් ඇතැයි ද, වැඩි දුර විමර්ශන ක්‍රියාත්මක යැයි ද, ඔහු පවසයි.  

අග්‍රාමාත්‍යවරයා සිදුවීම පිලිබඳ සිය කණගාටුව ප්‍රකාශ කර සිටී. 

දකුණු පැසිෆික් සාගර කලාපයට අයත් දිවයිනක් වන ෆීජී දේශය, ජාත්‍යන්තරයේ ඉතා ජනප්‍රිය සංචාරක ගමනාන්තයකි. පසුගිය නොවැම්බරයේ ඒ වෙත ඇදී ආ සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 76,845 ඉක්මවීය. ඒ අතරින් බහුතරය, ඔස්ට්‍රේලියා, නවසීලන්ත සහ උතුරු ඇමෙරිකානු සංචාරකයෝ වෙති. 

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්