leader s

හමාස් සංවිධානය ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීමට සැරසේ.
එම සංවිධානය භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 34 දෙනකු මුදා හැරීම වෙනුවෙන්, ඊශ්‍රායලය ඉදිරිපත් කළ නාම ලේඛනය, හමාස් සංවිධානය විසින් අනුමත කර තිබේ. 


එහෙත්, හමාස් සංවිධානය වෙතින් තමන් වෙත එවැනි, ලේඛනයක් ලැබී නැතැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සැණින් කියා සිටියේය.

පසුව, හමාස් සංවිධානය විසින් නිදහස ලබා දෙන බවට අනුමත කරන ලද ප්‍රාණ ඇපකරුවන් 34 දෙනකුගේ නාම ලේඛනයක්, එම සංවිධානය විසින්, ඊයේ (05) රොයිටර්ස් පුවත් සේවය වෙත ඉදිරිපත් කළේය.

දෙපාර්ශ්වය අතර නව සටන් විරාමයකින් අනතුරුව, එම මුදා හැරීම් සිදු කිරීමට නියමිතය. ඒ අනුව, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ඉවත්ව, තිරසර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට ගිවිසුමකට එළඹිය යුතුයැයි ද හමාස් සංවිධානය පවසයි.   

 



මේ අතර, සති අන්තයේ, ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 100කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වී ඇතැයි, පලස්තීන සෞඛ්‍ය බලධාරීහු පවසති.

ඊශ්‍රායලය, ජාත්‍යන්තර නීතියට අනුගතව, සාමාන්‍ය සිවිල් වැසියන්ගේ ආරක්ෂාව උදෙසා මීට වඩා වැඩි යමක් සිදු කළ යුතු යැයි, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් කාර්යාලය අවධාරණය කරයි.

එහෙත්, සිය භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කරගැනීමේ පූර්ණ අයිතිය ඊශ්‍රායලය සතු බවත්, ඒ වෙනුවෙන් පූර්ණ සහාය දක්වන බවත්, එම කාර්යාල නිවේදනය  වැඩි දුරටත් කියා සිටී.   

(Reuters  ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්