පසුගිය දා දකුණු කොරියාවේ දරුණුතම ගුවන් අනතුර සිදු වූ ම්යුවන් ගුවන් තොටුපොළ, අනතුර ආශ්‍රිත විමර්ශන හේතුවෙන් ලබන 14 දා තෙක් වසා තැබෙන බව එරට රජය අද නිවේදනය කළේය.
ජෙජු ගුවන් සේවාවට අයත්, එම මගී ජෙට් යානා අනතුරින් එහි ගමන් ගත් 179 දෙනකුට දිවි අහිමි විය. ඉකුත් දෙසැම්බර 29 වන දා සිදු වූ එම අනතුරින් පසු, ගුවන්තොටුපොළ හෙට (07) යළි විවෘත කිරීමට නියමිතව තිබිණි.
අනතුර පිලිබඳ පරීක්ෂණ වල නියුතු දකුණු කොරියානු විමර්ශකයින් දෙදෙනෙක්, ගුවන් යානයේ ගුවන් දත්ත වාර්තා විමර්ශනය පිණිස අද, එක්සත් ජනපදය බලා පිටත්වීමට නියමිතය. එක්සත් ජනපද ජාතික ප්‍රවාහන ආරක්ෂක මණ්ඩලය හා එක්ව එම විමර්ශන සිදු කෙරේ.
බොයිං 737-800 වර්ගයට අයත් එම යානයේ ගුවන් දත්ත පද්ධතිය සහ කළු පෙට්ටියේ අඩංගු හඬ පට සතුව ගුවන් අනතුරට හේතුවූ මූලික සන්නිවේදන ගැබ්ව තිබේ.
පරීක්ෂණ වලට සහභාගී වන විමර්ශකයෝ, අනතුරට පත් යානයේ බවට නිශ්චිතව හඳුනාගත් එහි ඇන්ජින් දෙක සති අන්තයේදී අනතුරු බිමින් ඉවත් කර ගත්හ.
එරට ජෙජු සහ තවත් ගුවන් සේවා පහකට අයත් සියළු බොයිං 737-800 වර්ගයට අයත් ගුවන් යානා, මෙම මස 10 දා වන විට, වැඩි දුර පරික්ෂා පිණිස යොමුකර අවසන් කරන ලෙස ප්‍රවාහන අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)
සබැඳි පුවත් :






