leader s

රුසියානු හමුදා අද, යුක්‍රේනයේ ඩොනෙස්ක් පළාතේ පිහිටි කුරක්හොව් නගරය අල්ලා ගත්හ.

දැන්, නගරය ඔවුන්ගේ පාලනය යටතේ පවතින බව රුසියානු ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

එම නගරය යුක්‍රේනයට උපක්‍රමිකව අතිශය වැදගත් මධ්‍යස්ථානයකි. එය රුසියානු හමුදා ග්‍රහණයට නතු වීමත් සමග, යුක්‍රේන හමුදා වෙත සිදු කෙරෙන සේවා සැපයුම් සහ තාක්ෂණික සහාය මුළුමනින්ම අඩාලව පවතී. 

කුරක්හොව් නගරය, යුක්‍රේනයේ සේවා සැපයුම් මර්මස්ථානය වන දකුණුදිග පොක්රොව්ස්ක් හි සිට කි.මී.32ක් දුරින් පිහිටා තිබේ.  

පසු ගිය මාස කිහිපය මුළුල්ලේම, රුසියානු හමුදා ඒ වෙත ලඟා වෙමින් සිටියහ.

(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Russia says it captured Ukrainian town; fighting continues in Kursk

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්