leader s

ඉල්ලා අස්වන ලෙසට සති ගණනාවක් තිස්සේ එල්ල වූ දැඩි පීඩනයකින් පසුව, ජස්ටින් ටෲඩෝ කැනඩාවේ අගමැති ධූරයෙන් සහ එරට ලිබරල් පක්ෂය නායකත්වයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ ය.


මෙම ඉල්ලා අස්වීම දිගු දේශපාලන පරිච්ඡේදයකට අවසානයක් ගෙන එයි. දේශපාලනික වශයෙන් මංමුලාවී සිටි ලිබරල් පක්ෂය නැවත බලයට ගෙන ආ 2015 වසරේ සිට ටෲඩෝ බලයේ සිටියේ ය.

නව ලිබරල් නායකයෙකු තෝරා ගන්නා තෙක් තමා නායකත්වයේ සිටින බව ඔහු පැවසීය.

නමුත් නායකත්වය භාර ගන්නේ කවුරුන් ද සහ ඔවුන් ඉදිරියේ ඇති ෆෙඩරල් මැතිවරණය කළමනාකරණය කරන්නේ කෙසේ ද යන්න ඇතුළුව ලිබරල් පාක්ෂිකයින්ට බොහෝ ප්‍රශ්න ඉතිරිව ඇත.

සඳුදා (ජන. 6) කැනේඩියානුවන් අමතමින් ටෲඩෝ කියා සිටියේ, පාර්ලිමේන්තුව වාර අවසාන කිරීමට කළ ඉල්ලීම රටේ ආණ්ඩුකාර ජනරාල්වරයා පිළිගෙන ඇති බව ය.

එමගින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමකින් තොරව විවාද සහ ඡන්ද ඇතුළු සියලු කටයුතු තාවකාලිකව නතර කෙරෙනු ඇත.

පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටියේ සාමාන්‍ය කොටසක් වන එය ඇතැම් විට දේශපාලන අර්බුදයකදී කාලය ලබා ගැනීමට රජයන් විසින් භාවිත කරනු ලැබේ.

ෆෙඩරල් ආණ්ඩුවට ක්‍රියාත්මක වීමට අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා මාර්තු 28 පැවැත්වෙන ඡන්ද විමසීමට දින හතරකට පෙර, එනම් මාර්තු 24 දක්වා මෙමගින් පාර්ලිමේන්තු කටයුතු නතර කෙරෙනු ඇත.

තම නායකයා තෝරා ගන්නේ කෙසේ ද යන්න මෙතෙක් අපැහැදිලි වුව ද, එම දිනය වන විට ලිබරල් පක්ෂයේ දේශපාලන බල මණ්ඩලය ඔවුන්ගේ නව නායකයා පත් කර ගැනීමට උත්සහ කරනු ඇත.

සාමාන්‍යයෙන්, කැනඩාවේ ෆෙඩරල් පක්ෂවල නායකයින් තෝරාගනු ලබන්නේ, විධිමත් නායකත්ව සම්මුතියක් ඇතුළත්, මාස හතරක් හෝ පහක කාලයක් ගතවන ක්‍රියාවලියකිනි.

සඳුදා (ජන. 6) ටෲඩෝ පැවසුවේ, "ශක්තිමත්, රටපුරා ක්‍රියාත්මක, තරගකාරී ක්‍රියාවලියක්" හරහා නව නායකයෙකු තෝරා ගනු ඇති" බව ය.

"ඉදිරි මාස කිහිපය තුළ මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කොහොම ද කියන එක ගැන මම උනන්දුවෙන් බලාගෙන ඉන්නවා," ඔහු පැවසීය.

trudo ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්, අනීටා ආනන්ද්, මාර්ක් කාර්නි

 

ටෲඩෝට පැහැදිලි අනුප්‍රාප්තිකයෙකු නැති නමුත් හිටපු මුදල් ඇමතිනී ක්‍රිස්ටියා ෆ්‍රීලන්ඩ්, ප්‍රවාහන ඇමතිනී අනීටා ආනන්ද් සහ එරට හිටපු මහ බැංකු අධිපති මාර්ක් කාර්නි ඇතුළු ප්‍රමුඛ ලිබරල් පක්ෂ සාමාජිකයින් කිහිප දෙනෙකු එම ධූරය සඳහා තේරී පත් වීමට ඉඩ ඇති බව බව සඳහන් ය.


කැනේඩියානු මැතිවරණයක් අද පැවැත්වුවහොත් නිල විපක්ෂය වන කොන්සර්වේටිව් පක්ෂයට තීරණාත්මක ජයග්‍රහණයක් ලැබෙනු ඇතැයි මත විමසුම් පෙන්වා දෙයි.

ඉලක්කම් දෙකක අගයකින් මත විමසුම්වලින් ඉදිරියෙන් සිටින කොන්සර්වේටිව් පක්ෂය ඔක්තෝබර් මස මැතිවරණය පැවැත්විය යුතු බව පවසමින් මහජන මන්ත්‍රණ මණ්ඩලය වෙත විශ්වාසභංග ඡන්ද මාලාවක් ගෙන ඒම මගින් මැතිවරණයක් ලබා ගැනීම සඳහා මාස ගණනක් උත්සහ දැරුවේ ය.

රජයක් විශ්වාසභංග යෝජනාවකින් හෝ මහජන මන්ත්‍රණ මණඩලය තුළ ඡන්ද විමසීමකින් පරාජය වුවහොත්, ඔවුන් ඉල්ලා අස්වීම හෝ ෆෙඩරල් මැතිවරණයක් සඳහා මග සකසමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සිදුවනු ඇතැයි අපේක්ෂා කරයි.

විශ්වාසභංගයේදී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 338 දෙනාගෙන් බහුතරයකගේ සහය රජයට අවශ්‍ය වේ. බහුතරය සඳහා ලිබරල් පක්ෂයට ආසන 17ක අඩුවක් පවතී. එහි අදහස නම්, ඔවුන්ට කැනඩාවේ අනෙකුත් පක්ෂවල සාමාජිකයින්ගේ සහය අවශ්‍ය වන බව ය.


(සටහන | හොලී හොන්ඩරික්)
ටොරොන්ටෝ සිට

| BBC සිංහල සේවය

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්