කියුබාවේ අවි සහ වෙඩි බෙහෙත් ගබඩාවක් පුපුරායාමෙන් හමුදා සාමාජිකයෝ 13 දෙනෙක් අතුරුදන්ව සිටිති.
එරට නැගෙනහිර හොල්ග්වින් (Holguin) පළාතේ ඊයේ (07) එම අනතුර සිදු විය.
හවානා අගනුවරට කි.මී.450ක් පමණ එපිටින් පිහිටි මෙලනෙස් (Melones) ජනාවාසය, පිපිරීමෙන් දැඩි ව්‍යාකූලත්වයට පත්ව තිබේ. යාබද ඉදි කිරීම් ක්ෂේත්‍රයක වූ ගින්නක්, අමතුරට මූලික හේතුව සේ අනුමාන කෙරේ.
කියුබානු හමුදා නිධාරීන් සිව් දෙනකු සහ භටයින් 09 දෙනකු අනතුරින් අතුරුදන්ව ඇතැයි එරට හමුදාව පැවසීය.
පිපිරීමත් සමග යාබද පරිශ්‍රයන්හි සිටි පුද්ගලයින් 361 දෙනකු ආරක්‍ෂිත ස්ථාන කරා වහා ඉවත් කිරීමට බලධාරීහු පියවර ගත්හ.
(Reuters ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






