leader s

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ මාධ්‍ය ආවරණ සම්බන්ධ නව නීති පනවති.

හමුදා ක්‍රියාන්විත රාජකාරීන්හි නිරත සිය සාමාජිකයින් සම්බන්ධයෙන් සිදු කෙරෙන මධ්‍යාවරණ ඇතැම්විට, විදෙස් සංචාරවල දී එම හමුදා සාමාජිකයින්ට එරෙහි යුධ අපරාධ චෝදනා පිලිබඳ නෛතික ක්‍රියාමාර්ගයන්ට හේතු විය හැකි බවට වන අන්තරායය මත එම පියවර ගෙන තිබේ.

බ්‍රසීලයේ සංචාරයක නියුතු විශ්‍රාමික ඊශ්‍රායල හමුදා සාමාජිකයකු 'හිටි අඩියේ' යළි හැරී ආවේය. බ්‍රසීලයේ ක්‍රියාත්මක පලස්තීන හිතවාදී කණ්ඩායමක් විසින් ඔහුට එරෙහිව නගන ලද යුද අපරාධ චෝදනාවකට අනුව, පොලිස් විමර්ශන ආරම්භ කිරීමට, අධිකරණ විනිසුරුවකු විසින් නියෝග නිකුත් කිරීමත් සමග, ඔහු සිය සංචාරය අතැර වහා ඊශ්‍රායලය බලා පැමිණියේය.

 එම ආසන්න සිදුවීම පාදක කොට ඊශ්‍රායලය ගාසා තීරයේ නව, මාධ්‍ය වාරණ නියෝග පැනවීමට පියවර ගත්තේය.

එම නව නීති යටතේ, ඊශ්‍රායල හමුදාවේ කර්නල් හෝ ඊට පහළ නිලයක හමුදා සාමාජිකයින් මාධ්‍ය විසින් සම්මුඛ සාකච්ඡාවන්ට බඳුන් කරන අවස්ථාවන්හිදී, ඔවුන්ගේ සම්පූර්ණ නම සහ මුහුණ නොදැක්වෙන සේ රූගත කළ  යුතු බවට කොන්දේසි පනවා තිබේ.  

ඊශ්‍රායල ගුවන් හමුදා නියමුවන් සහ විශේෂ බලකා සාමාජිකයින් ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් එම වාරණ මීට පෙර සිටම ක්‍රියාත්මක කෙරිණි.

ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කර්නල් නදාව් ෂොශානි (Nadav Shoshani) නව වාරණ පිලිබඳ මාධ්‍ය වෙත පැහැදිලි ප්‍රකාශ නිකුත් කළේය. එ

මෙන්ම, මාධ්‍ය හා සම්මුඛ වන කිසිදු ඊශ්‍රායල හමුදා සාමාජිකයකුගෙන් ඔහු සහභාගී වූ හෝ, සම්බන්ධවූ සංග්‍රාම ක්‍රියාන්විත පිලිබඳ විමසීමද සපුරා තහනම්ය.  

ජන මාධ්‍ය සඳහා වන මෙම නව මාර්ගෝපදේශ, ඊශ්‍රායල සොල්දාදුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක බව ද ෂොශානි අවධාරණය කළේය.

ලොව පුරා ක්‍රියාත්මක ඊශ්‍රායල විරෝධී සමාජ ක්‍රියාකාරීන් විසින් සිදු කෙරෙන අනිසි ක්‍රියාවන්ගෙන් ඊශ්‍රායල හමුදා සාමාජිකයින් ආරක්ෂා කිරීම එහි අපේක්ෂාවයි.

පවතින නීති රාමුව තුළ, ඊශ්‍රායල හමුදාවන්ට සිය ක්‍රියාන්විත හෝ යුද පෙරමුණ පිලිබඳ රූප රාමු සමාජ මාධ්‍යය ඔස්සේ පළ කිරීම ද තහනම් කර තිබේ.

ඊශ්‍රායලය, විශාල හමුදා ශක්තියකින් හෙබි රාජ්‍යයකි. විදෙස් සංචාරයන්හි නියුතු ඊශ්‍රායල හමුදා සාමාජිකයින් සම්බන්ධව ක්‍රියාත්මක වෙනම නීති පද්ධතියක් ද පවතී.  

බෙල්ජියම පාදක කොට ක්‍රියාත්මක හින්ද් රජාබ් පදනම නම් සංවිධානයක්, බ්‍රසීලයේ සිද්ධියට සම්බන්ධ බව ෂොශානි පවසයි.

බ්‍රසීල සිද්ධියට අමතරව, තවල් රටවල් කිහිපයකදී ද විශ්‍රාමික ඊශ්‍රායල හමුදා භටයින් මෙවැනි අභියෝගවලට මුහුණ පා ඇතැයි  ඔහු කියා සිටී.  

ඉකුත් වසරේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, එරට හිටපු ආරක්ෂක අමාත්‍ය යෝව් ගැලන්ට් සහ හමාස් නායක ඉබ්‍රහිම් අල්-මස්රි ට ගාසා තීරයේ යුද අපරාධ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු නිකුත් කළේය.  

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්