leader s

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයක බිත්ති මත යුදෙව් විරෝධී පාඨ සටහන් කිරීමක් පිලිබඳ රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.  


අද උදෑසන සිඩ්නි නුවර නව නගරයේ (Newtown) යුදෙව් දේවස්ථානයක් වෙතින් එම සිදුවීම වාර්තා වේ.

එහි තවත් යුදෙව් ආගමික මධ්‍යස්ථානයක් වෙත ද යුදෙව් විරෝධී ප්‍රහාර එල්ල වී  තිබේ.  

පසුගිය වසරේ ද ඔස්ට්‍රේලියාව තුළ, ඊශ්‍රායල යුදෙව් විරෝධී ක්‍රියා ගණනාවක් වාර්තා විය.

සිඩ්නි නුවර තවත් ගොඩනැගිලි සහ මෝටර් රථ මත යුදෙව් විරෝධී සටන් පාඨ සහ චිත්‍ර ඇඳ තිබූ සිද්ධීන් එහිදී වාර්තා විය.

විරෝධතා කරුවෝ මෙල්බර්න් නගරයේ ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථානයකට ගිනි තැබීමට ද කටයුතු කළහ.

ඊශ්‍රායල ජාතිකයින් වැඩි වශයෙන් වෙසෙන නැගෙනහිර සිඩ්නි නගරයේ නිවෙසක් ද යුදෙව් විරෝධී පාඨයන්ගෙන් විකෘති කර තිබූ  බව වාර්තා වේ. තවත් ආසන්න ප්‍රදේශයක ප්‍රදර්ශනය කෙරුණු වීදි පෝස්ටරයක ද එවැනි ප්‍රකාශ සටහන් කර තිබූ බව පොලිසිය පවසයි.

 

73ec8703d236a41b41fc47ade2a12649
ඊයේ (10) දකුණුදිග සිඩ්නි නගරයේ යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට ද ප්‍රහාරයක් එල්ල විය. ඒ පිලිබඳ විමර්ශනයට විශේෂ පොලිස් කාර්ය සාධක බලකායක් පත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ බහුවාර්ගික ජන සමාජය තුළ මෙවැනි දේ සිදුවීමට තවත් ඉඩ නොතබන බව එරට අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීස් ඊයේ පැවසීය.

2023 වසරේ ඊශ්‍රායලයේ සිදු කළ හමාස්  ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඊශ්‍රායල ජාතිකයින් ඉලක්ක කර දිගින් දිගටම මෙවැනි ප්‍රහාර එල්ල වෙමින් පවතී. ඊට එරහිව රජය තවමත් ප්‍රමාණවත් පියවර ගෙන නැතැයි, එරට ක්‍රියාත්මක ඇතැම් යුදෙව් සංවිධාන චෝදනා කරති.  

(Reuters ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්