leader s

ජපානයේ තෝකියෝ නුවර කාන්තා වෛද්‍ය විශ්වවිද්‍යාලයේ හිටපු කුලපතිවරියක පොලිස් අත්අඩංගුවට පත්වේ. 

යෙන් මිලියන 120 ක හෙවත් ඇමෙරිකානු ඩොලර් 700,000කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් පොලිසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

වමොටෝ කිනුකෝ (wamoto Kinuko) නම් එම කුලපතිවරිය 2020 වසරේ අවස්ථා කිහිපයකදී ගෘහනිර්මාණ ශිල්පියකුගේ බැංකු ගිණුමක් වෙත විශ්වවිද්‍යාල අරමුදල් බැර කර ඇතැයි, පොලිසිය පවසයි. මධ්‍යම තෝකියෝ හි විශ්වවිද්‍යාල පහසුකම් ඉදිකිරීමක් වෙනුවෙන් උපදේශන සේවා ලබා ගත් බව පවසා, එම ගෘහනිර්මාණ ශිල්පියා වෙත දීමනා ලෙස අදාල ගෙවීම් සිදු කර ඇත. ඒ අනුව, විශ්වාසය පලුදු කිරීමේ චෝදනා මත ඇය අත්අඩංගුවට ගැනිණි.

ex uni

 

මේ වනවිට 78 වන වියේ පසුවන ඇය 2019 සිට එම විශ්වවිද්‍යාලයේ කුලපති වශයෙන් කටයුතු කළාය. 

ඇයගේ මෙම අයථා ගනු දෙනුව පිලිබඳ විශ්වවිද්‍යාලයට සම්බන්ධ පිරිස් අධිකරණයේ ඇයට එරෙහි අපරාධ චෝදනා ගොනු කළහ. 

ඒ අනුව, එරට පොලිසිය පසුගිය වසරේ මාර්තු මස, විශ්වවිද්‍යාල මූලස්ථාන ගොඩනැගිල්ල සහ ඇයගේ නිවෙස ද විශේෂ සෝදිසි මෙහෙයුමකට බඳුන් කළේය. පොලිස් භාරයට ගැනුණු අදාළ මූල්‍ය ගනුදෙනුව සම්බන්ධ සියලු ලේඛන පරික්ෂා කර පුද්ගලයින් කිහිප දෙනකුම ප්‍රශ්න කිරීම්වලට බඳුන් කෙරිණි. 

අදාළ ගෘහනිර්මාණ ශිල්පියා වෙත ගිණුම් ගතකළයි පැවසුණු විශ්වවිද්‍යාල අරමුදල් පෙරළා කුලපතිවරියගේ පුද්ගලික ගිණුමක් වෙත බැර කරගෙන ඇතැයි, එහිදී අනාවරණය විය. ඇයට එරෙහි චෝදනා එල්ල වීමත් සමග ඉකුත් අගෝස්තු මස ඇයව සේවයෙන් පහ කෙරිණි.


(විදෙස් මාධ්‍ය ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්