ජපානයේ නිරිතදිග ක්යුෂු (Kyushu) හි භූ කම්පනයක් සිදුව තිබේ.
එරට මියසාකි (Miyazaki) පළාතේ සිදු වූ එම භූ කම්පනය රිච්ටර් මාපක 6.9ක ප්‍රබලත්වයෙන් යුත් බව ජපාන කාලගුණ ඒජන්සිය පවසයි.
මියසාකි සහ කොචි (Kochi) පළාත් වෙත සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. මේ වන විට එහි සුනාමි තත්ත්වයක් හටගෙන ඇත.
0 සිට 7 දක්වා වූ භූ කම්පන ප්‍රබලත්වය පිලිබඳ එරට පරාසය තුළ ඊයේ (13) භූ කම්පන තීව්‍රත්වය 5ට අඩු අගයක් බව කාලගුණ බලධාරීහු පවසති. එරට වේලාවෙන් ඊයේ ප.ව. 9.19ට පමණ භූ කම්පනය සිදු විය.

ප්‍රදේශයේ සියලු දුම්රිය ගමන් වාර තාවකාලිකව නතර කර තිබේ.
එම භූ කම්පනය සහ ඉදිරියේදී ඇති වෙතැයි අපේක්ෂිත ප්‍රබල නන්කායි (Nankai) භූ කම්පනය අතර කිසියම් සබඳතාවක් පවතී දැයි සෙවීමට විද්‍යාඥන් විසින් වහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.
(විදෙස් මාධ්‍ය ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)






