leader s

තායිලන්තයේ කැසිනෝ සහ සූදු ක්‍රීඩාව නීති ගත කරමින් නව පනතක් සම්මත කර තිබේ. 

ඒ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද කෙටුම්පතකට කැබිනට් අනුමැතිය හිමි වූ බව තායිලන්ත අග්‍රාමාත්‍ය පතොඞ්තාන් ශිනවත්‍රා ඊයේ (13) ප්‍රකාශ කළාය. 

සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය, නව රැකී රක්ෂා බිහි කිරීම සහ ආයෝජන ප්‍රවර්ධනය ඉලක්ක කර එම පියවර ගෙන තිබේ. නව පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, මහා පරිමාණ විනෝදාස්වාද ක්‍රීඩා සංකීර්ණවල සූදු ක්‍රීඩාවට අවසර හිමිවේ.

තායිලන්තය තුළ මෙතෙක් පැවති නීති යටතේ කැසිනෝ, සූදුව සහ ඒ ආශ්‍රිත සියලු ක්‍රීඩා තහනම් විය. එහෙත්, අනීතිකව, එම ක්‍රීඩා, පාපන්දු ඔට්ටු සහ විවිධ ලොතරැයි  මගින් විශාල මුදල් සම්භාරයක් අතිනත සංසරණය වන බව රජය කියා සිටී. එරට නීතියෙන් මෙතෙක් අවසර හිමි වූයේ, තුරග තරග වැනි තෝරාගත් සූදු ක්‍රීඩා අතලොස්සකට සහ නිල ලොතරැයියකට පමණි.

government to take its changes by legalising casino complex operations and online gambling in thailand

 

කැම්බෝඩියාව, සිංගප්පූරුව, ෆිලිපීනය, ලාඕසය සහ මියෙන්මාරය ද විශාල ලෙස කැසිනෝ සංකීර්ණ පවත්වමින් ලාභ ඉපැයීමේ යෙදී සිටී. අසල්වැසි රටවල එම ක්‍රමවේදවලට අනුගත නොවීම, එරට ආර්ථික වර්ධනයට සහ සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට අහිතකර ලෙස බල පා ඇතැයි, තායිලන්ත රජය පවසයි.   

තායිලන්තය, අග්නිදිග ආසියාවේ දෙවන විශාලතම ආර්ථිකය සේ සැලකේ. නව නීති සම්පාදන සමග, එළැඹෙන වසර කිහිපය තුළ එරට විශාල විදෙස් සංචාරක ආකර්ෂණයක් දිනාගනු ඇතැයි අපේක්ෂා කෙරේ. සූදුව නීතිගත කිරීමෙන්, ජනතාවට වඩා ආරක්ෂාකාරී විනෝදාස්වාද පරිසරයක් නිර්මාණය කිරීම සහ රාජ්‍ය ආදායම ඉහළ නැංවීම, රජයේ අපේක්ෂාව වී තිබේ.  

 

කැසිනෝ බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා 150%කින් වැඩි කරයි
එරට මීට පෙර පැවති රජයන් කිහිපයක්ම එම නීති අනුමත කිරීමට උත්සාහ ගත්තද පාර්ලිමේන්තුවේ බලය හිමි බොදු බහුතරයේ විරෝධය මත, ඒ සෑම ප්‍රයත්නයක්ම නිෂ්ඵල විය. නව නීති සම්පාදන යටතේ විදෙස් ආයෝජන 5%ත් 10%ත් අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ.

ඉදිරි වසර කිහිපයෙදී සංචාරක ප්‍රවර්ධනය මගින් එරට අපේක්ෂිත රාජ්‍ය ආදායම බාත් බිලියන 120ත් බිලියන 220ත් අතර පවතී. එය ඇමෙරිකානු ඩොලර් බිලියන 3.5ත් බිලියන 6.32ත් අතර මූල්‍ය වටිනාකමකි. 

නව රැකියා 9,000ත් 15,000ත් අතර සංඛ්‍යාවක්  බිහිවෙතැයි ද, රජය කියා සිටී.     

(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්