leader s

දකුණු අප්‍රිකාවේ අනවසර රන් ආකරයක සිරවූ පිරිසක් බේරා ගැනේ. එහි සිරවී තිබූ පුද්ගල මළ සිරුරු  36ක් සහ මෙතෙක් දිවි ගලවා සිටි පුද්ගලයින්

අසූ දෙදනකු, දෙදිනක අසීරු මෙහෙයුමකින් පසු ඉවත ගත්  බව සහන සේවකයෝ ඊයේ ප්‍රකාශ කළහ.

දිවි බේරා අගත් සියලු දෙනා අනීතික පතල් කැණීම සහ සංක්‍රමණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබේ.

එරට පොලිසිය පසුගිය අගෝස්තු මස එම නීති විරෝධී රන් ආකාරයේ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කළහ.

ආකරය තුළ සිටි ශ්‍රමිකයින් ඉන් පිටතට රැගෙන එම පිණිස, ඒ වෙත සිදු කළ සියළු සැපයුම් නතර කිරීමට පොලිස් නිලධාරීහු පියවර ගත්හ. ඒ අනුව, ආකරය තුළට ආහාර සහ  පානීය ජල සැපයුම නතර කෙරිණි.

රන් ආකරයෙන් බේරා පිටත ගත් පිරිස් වටා පොලිස් නිලධාරීන් සහ වෛද්‍ය කණ්ඩායම් ඒකරාශී වී සිටින අයුරු රොයිටර්ස් පුවත් සේවය විසින් ද නිරීක්ෂණය කර තිබේ.

පතල් කම්කරු වෘත්තීය සමිති කිහිපයක් විසින් ද එහි වූ ශ්‍රමික මළ සිරුරු සහ කෘෂ ශරීරවලින් යුත් පතල් කම්කරුවන් දැක්වෙන වීඩියෝ දර්ශන මුදා හැර තිබේ.

දකුණු අප්‍රිකාවේ ජෝහැනර්ස්බර්ග් නුවර සිට කි.මී.150ක දුරින් වූ ස්ටිල්ෆොන්ටේන් (Stilfontein) හි පිහිටි රන් ආකරයකින් එම සිදුවීම වාර්තා වේ.

(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්