leader s

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමයකට එකඟ වේ. 

මූලික වශයෙන් සති හයක කාලයක් පිණිස වලංගු එම සටන් විරාමයේ අන්තර්ගතය ඉතා සංකීර්ණ කරුණුවලින් යුක්තය. එහි මුල් අදියරේදී, ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් ක්‍රමිකව ඉවත් වේ.  

හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් සහ ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන් පිරිසක් දෙපාර්ශ්වය අතර හුවමාරු කෙරේ.

සටන් විරාමය ලබන ඉරිදා (19) සිට ක්‍රියාත්මකය. අතරමැදි නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන්, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම ක්‍රියාන්විතය පිලිබඳ වැඩි දුර සාකච්ඡා පැවැත්වෙන බව කටාර් අග්‍රාමාත්‍ය ෂෙයික් මොහම්මෙද් බින් අබ්දුල්රහ්මාන් අල් තානි ( Sheikh Mohammed bin Abdulrahman Al Thani) පවසයි.

ඒ අනුව, ගාසා තීරයේ ගැටුම් නතර කෙරේ. අවතැන් පලස්තීනුවන් වෙත සියලු මානුෂීය ආධාර සැපයීම වේගවත් කෙරෙන අතර, මාස 15 ක ට අධික කාලයක් තිස්සේ හමාස් භාරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිසක් ඔවුන්ගේ පවුල් වෙත භාර දීමට කටයුතු කෙරේ. 

සටන් විරාමය ප්‍රකාශයට පත් කිරීමත් සමග ගාසා තීරයේ වීදි බට පලස්තීන වැසියෝ සතුට සැමරූහ. ඊශ්‍රායලයේ, ටෙල් අවිව් අගනුවර සිට රූපවාහිනියෙන් සටන් විරාම ප්‍රවෘත්තිය අසා සිටි ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල් සාමාජිකයෝ, එකිනෙකා වැළඳ ප්‍රීතිය ප්‍රකාශ කළහ. 

 

ceasefire
මේ මොහොතේ, සිය පූර්ණ අවධානය හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් සම්බන්ධයෙන් යැයි, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඊයේ (15) ප්‍රකාශ කළේය. ඊශ්‍රායලය වෙත ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් එක්සත් ජනපදයට ස්තුතිය පිරිනමන බවත්, මීළඟ ජනපති ට්‍රම්ප් සමග එක්ව, ගාසා තීරය මින් මතු ත්‍රස්තවාදයේ පාරාදීසයක් වීම වැලැක්වීම වෙනුවෙන් ඇප කැපව කටයුතු කරන බවත්, අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ස් (X) පණිවුඩයක් මගින් කියා සිටී.

නව සටන් විරාමයත් සමග, දෛනිකව, අත්‍යවශ්‍ය මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 600ක් ගාසා තීරයට ඇතුල් වීමට අපේක්ෂිතය. ඉන් 50ක ඉන්ධන ප්‍රවාහනය කෙරෙන අතර, අත්‍යවශ්‍ය ආධාර රැගත් ට්‍රක් රථ 300ක් දින පතා උතුරු ගාසා තීරය වෙත පිටත් කෙරේ.

People walk past stalls selling goods amid the rubble of buildings destroyed during previous Israeli strikes, in Khan Yunis in the southern Gaza Strip on January 15, 2025, as the war in the Palestinian territory between Israel and Hamas continues. Hamas has approved a Gaza truce and hostage release deal, Palestinian sources close to negotiations said on January 15, after mediator Qatar expressed hope an agreement to end the war could be reached very soon. (Photo by Bashar TALEB / AFP)

 

සටන් විරාම මුල් අදියරේ, හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 33 දෙනකු නිදහස් කෙරේ. එසේ නිදහස් කෙරෙන එක් සිවිල් පුද්ගලයකු වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන පලස්තීනුවන් 30ක් සහ එක් ඊශ්‍රායල හමුදා සාමාජිකාවක් වෙනුවෙන් පලස්තීනුවන් 50ක් බැගින් නිදහස් කෙරේ. ඒ අනුව, සටන් විරාම මුල් අදියර අවසන් වන විට, 2023 ඔක්තෝබර 7 දා සිට ඊශ්‍රායල අත්අඩංගුවේ පසුවන, සියලු පලස්තීන ස්ත්‍රීන් සහ වයස අවුරුදු 19ට අඩු සියලු පලස්තීන ළමුන් නිදහස් කෙරේ. 

දෙවන අදියර සාකච්ඡා, නව සටන් විරාම ආරම්භයෙන් සති දෙකකුත් දෙදිනකට පසු ආරම්භ කිරීමට නියමිතය. හමාස් භාරයේ පසුවන ඉතිරි සියළු ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම, ගාසා තීරයේ තිරසර සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම සහ ඊශ්‍රායල හමුදා ගාසා තීරයෙන් මුළුමනින්ම ඉවත් වීම යන මූලික කරුණු ඊට ඇතුළත් වේ. 

සටන් විරාමයේ තෙවන අදියරේදී, ඝාතනයට ලක්ව ඉතිව ඇති  සියලු පුද්ගල මෘත දේහ යළි ලබා දීම සහ විනාශවූ ගාසා ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. එම සියලු කටයුතු ඊජිප්තුව, කටාර් රාජ්‍යය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  අධීක්ෂණය යටතේ සිදු කෙරේ.

 

මේ අතර සටන් විරාම ගිවිසුමට එළැඹීමට පැය කිහිපයකට පෙර, ගාසා තීරයේ ඉලක්ක වෙත ඊශ්‍රායල හමුදා දැඩි ප්‍රහාර එල්ල කළේය. අද හමාස් ත්‍රස්තයින්, ඊශ්‍රායලය දෙසට රොකට් ප්‍රහාරයක් එල්ල කළ බව එම හමුදා ප්‍රකාශ කළහ. ඊයේ රාත්‍රිය පුරාවට සහ අද අළුයම එල්ල කළ ඊශ්‍රායල ගුවන්  ප්‍රහාර වලින් අවම වශයෙන් පුලස්තීනුවන් 46 දෙනකුවත් ජීවිතක්ෂයට පත්ව ඇතැයි, එහි සෞඛ්‍ය අංශ පවසති.

(විදෙස් පුවත් ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්