leader s

නිකරගුවාවේ ස්වේච්ඡා පොලිස් සේනාංකයක් ස්ථාපනය කෙරේ. එම සේනාංකයට බැඳුනු එරට සිවිල් වැසියෝ 1400ක් ඊයේ

(17) දිව්රුම් දුන්හ.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන රැසක් විසින් ඊට විරෝධය පළ කර තිබේ. ජනපති ඩැනියෙල් ඔර්ටේගා (Daniel Ortega) ගේ රජය නීති විරෝධී සන්නද්ධ කල්ලියක් බිහි කිරීමට සූදානම් වන බවට ඔවුහු චෝදනා කරති.

එය, ඔර්ටේගාට පක්ෂපාතී සිවිල් පුරවැසියන්ගෙන් සැදුම්ලත් සන්නද්ධ කණ්ඩායමක් නීතිගත කිරීමට ගත් ප්‍රයෝගාත්මක ප්‍රයත්නයක් බව විපක්ෂය ද අවධාරණය කරයි.

ස්වේච්ඡා පොලිස් සේවයට බඳවාගත් ඇතැමුන්, 2018 වසරේ එරට බිහිසුණු රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ කැරැල්ල මර්දනයට යොදාගත් සාහසිකයින් බවද වාර්තා වේ.

ඉකුත් තෙදින තුළ පමණක් ඒ වෙත, රට පුරා විසිරී සිටින සිවිල් පුද්ගලයින් 4000කට අධික සංඛ්‍යාවක් බඳවාගෙන  ඇතැයි, රාජ්‍ය නිල ප්‍රවෘත්ති වෙබ් අඩවිය පවසයි.  

එම බඳවා ගැනීම් නීතිගත කිරීම උදෙසා, මීට පෙර එරට ව්‍යවස්ථා සංශෝධන ද සිදු කෙරිණි.

රජයේ පාලනය යටතේ පවතින ව්‍යවස්ථාදායකය එම සංශෝධන සම්මත කර ගැනීමට පියවර ගැනීමත් සමග, ජනපති ඔර්ටේගා වෙත රාජ්‍ය පාලනයේ අසීමිත බලයක් හිමි විය.

2007 වර්ෂයේ සිට, ඔහු එරට ජනපති ධුරයේ රැඳී සිටී. ඔහුගේ බිරිඳ, රොසාරියෝ මුරිල්ලෝ (Rosario Murillo) නිකරගුවාවේ උප ජනපතිවරියයි.

සිකුරාදා, නව ස්වේච්ඡා පොලිස් සේනාංකයේ පළමු කණ්ඩායමේ දිවුරුම් දීම, එරට උතුරුකරයේ පිහිටි කුඩා නගරයක් වන ඔකොටාල් (Ocotal) හිදී  සිදු කෙරිණි. ජාතික පොලිස් ප්‍රධානී ෆ්රැන්සිස්කෝ ඩයස් (Francisco Diaz) ද ඊට සහභාගී විය. 


නව ස්වේච්ඡා පොලිස් සේනාංකය ජාතික පොලිස් සේවයේ නිලධාරීන්ට අවැසි සියලු සහාය ලබා දෙනු ඇතැයි, ඔහු එහිදී ප්‍රකාශ කළේය. සාමය සහ ආරක්ෂාව සුරක්ෂා කරනු පිණිස එය, සිවිල් වැසියන් විසින්ම ස්ථාපිත ස්වේච්ඡා බලමුළුවක් බව ද ඔහු අවධාරණය කළේය.

"හිස සිට දෙකන්, නාසය සහ මුව වැසෙන සේ මේස් හිස් වැසුම් ඇඳි සිවිල් පුද්ගලයින් 1500ක ගෙන් සැදි අනීතික සන්නද්ධ බලකායක්, ඔර්ටේගා සහ ඔහුගේ ප්‍රිය  බිරිය විසින් කිසිදු 'හිරිකිතයකින්' තොරව ඔවුන්ට පක්ෂපාතී බවට දිවුරා පොරොන්දු කර ගෙන තිබේ"යි, නිකරගුවා කිවිඳියක සහ ප්‍රබල විපක්ෂ හඬක් වන ජයිකන්දෝ බෙලී (Gioconda Belli) පවසන්නීය.

ප්‍රසිද්ධියේ විරෝදාකල්ප මත දැරීම හේතුවෙන්, මීට පෙර, ඔර්ටේගා රජය ඇයව ස්පාඥ්ඥය වෙත පිටුවහල්  කළේය.

"නව ස්වේච්ඡා පොලිස් සේනාංකය, අනීතික, මර්දනකාරී  හමුදා බලකායකට ව්‍යවස්ථාපිත බලය ආරෝපණය කිරීමක්"යි,   ඇය අවධාරණය කරයි.

අසම්මතයේ නොබියව හැසිරෙන නිකරගුවා රාජ්‍ය කෙරුවාව, අසම්මතය සම්මතයේ රජ කරවාගත් ලොව අනෙකුත් රටවලට ද "හොඳ පාඩමකි".

(REUTERS  ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්