රාජ්‍ය විරෝධී ඔත්තු බැලීම් සහ ත්‍රස්තවාදය පිලිබඳ අධිකරණ කටයුතුවල නියැලි ඉරානයේ ජ්‍යෙෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන්
දෙදෙනකු වෙඩි තබා ඝාතනය කෙරේ.
එරට ටෙහෙරාන් නුවරදී අද, එම ද්විපුද්ගල ඝාතනය සිදු කර ඇත.
අධිකරණය තුළ දී එම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා ද වෙඩි තබා සිය දිවි නසා ගත් බව ඉරාන අධිකරණ සේවය පවසයි.
වෙඩි තැබීමෙන් එක් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයකුගේ ආරක්ෂක නිලධාරියකුද තුවාළ ලැබීය.
වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ, මැද පෙළ අධිකරණ තනතුරු දරන ෂිඅයිට් මුස්ලිම් ජාතික මොහාම්මද් මොඝීසේ (Mohammad Moghiseh) සහ අලි රසිනි (Ali Razini) යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනාය.
එම ද්විපුද්ගල ඝාතනවලට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
ඝාතනය වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙපළ, දීර්ඝ කාලයක සිට, ඉරාන රජයට එරෙහි ඔත්තු බැලීමේ කුමන්ත්‍රණවලට සහ ත්‍රස්තවාදයට එරෙහි, ජාතික ආරක්ෂාව සම්බන්ධ නඩු කටයුතු ගණනාවක නිරතව සිටි බව වාර්තා වේ.
එම ඝාතන, ඊශ්‍රායලයට සම්බන්ධ පුද්ගලයින් සහ එක්සත් ජනපද සහාය ලබන ඉරාන විපක්ෂ සාමාජිකයින් විසින් සිදු කරන ලද්දක් යැයි සැක කරන බව එරට රාජ්‍ය රූපවාහිනිය පවසයි.
මොඝීසේ යනු ත්‍රස්තවාදය වැලක්වීමට යැයි පවසා, දේශපාලන සිරකරුවන් චෝදනාවට ලක් කළ අයෙකැයි ඉරාන විපක්ෂය පවසයි.
රසිනි ද මීට පෙර, 1998 දී ඝාතන තැතකට බඳුන් වූ විනිසුරුවරයෙකි.
(REUTERS ඇසුරින් සටහන | හ ර් ෂ උදයකාන්ත විසිනි)






