leader s

ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය

අද ග්‍රෙනෙච් වේලාවෙන් උදෑසන 06.30ට ආරම්භ වීමට නියමිතව තිබූ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ගාසා තීරයේ සටන් විරාමය ප්‍රමාදයට ලක්වේ.

 

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු, හමාස් වෙතින්, අද නිදහස ලබන ප්‍රාණ අපකාරිනියන් තිදෙනාගේ නාම ලේඛනය ඉල්ලා සිටීමත් සමග එම අර්බුදය මතු විය. තාක්ෂණික හේතු මත එම ලැයිස්තුව ප්‍රසිද්ධියට පත් කළ නොහැකි බව හමාස් සංවිධානය පවසා සිටී.

හමාස් සංවිධානය කොන්දේසි ඉටුකරන බවක් නොපෙනෙන පසුබිමෙක, සිය ඉල්ලීම්වලට එම සංවිධානය අවනත වන තෙක්, ගාසා තීරයේ දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බව සටන් විරාමය ක්‍රියාත්මක වීමේ වේලාව ආසන්නයේ ඊශ්‍රායල හමුදා ප්‍රකාශකයකු පැවසීය. අද ආරම්භ වෙතැයි, උදක්ම අපේක්ෂා කළ ගාසා සටන් විරාමය, ඒ අනුව, නව ගැටළුවක් අබියස ඇණහිට තිබේ.

උතුරු ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් 72ක් නසිති

 

ගාසා තීරයේ සටන් විරාමය සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින්, ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක අමාත්‍ය අන්ත දක්ෂිනාංශික, ඊටමාර් බෙන් ගිවියර් (Itamar Ben-Gvir) අද සිය ධුරයෙන් ඉල්ලා අස්  විය. 

ගාසා සටන් විරාමය ආරම්භ වීමට පැයක් තබා විශේෂ ප්‍රකාශයක් නිකුත් කළ ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා, අද දින නිදහස් කිරීමට අපේක්ෂිත ප්‍රාණ ඇපකාරිනියන් තිදෙනාගේ නාම ලේඛනය හමාස් සංවිධානය විසින් ලබා දෙන තෙක් අඛණ්ඩ ප්‍රහාර එල්ල කරන බව අවධාරණය කළේය.

අද දින නිදහස් කිරීමට නියමිත පැහැරගත් ඊශ්‍රායල ප්‍රාණ අපකාරිනියන් තිදෙනාගේ නාම ලේඛනය, ඊශ්‍රායලය අත තබන තෙක්, එරට වේලාවෙන් පෙ.ව.8.30ට ආරම්භ වීමට නියමිතව තිබූ සටන් විරාමය ක්‍රියාත්මක නොකරන ලෙස අග්‍රාමාත්‍යවරයා ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා වෙත උපදෙස් නිකුත් කළ බව අග්‍රාමාත්‍ය කාර්යාලය පැවසීය.

ඊශ්‍රායල අගමැතිවරයා හමාස් නායක ඝාතනය ජාත්‍යන්තරයට දැනුම් දෙයිඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු

සිය සංවිධානය සටන් විරාමය ක්‍රියාත්මක කිරීම උදෙසා ඇප කැපව කටයුතු කරන බවත්, ක්ෂේත්‍රයේ තාක්ෂණික හේතු මත මෙම අවස්ථාවේ, අද නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකාරිනියන්ගේ නාම ලේඛනය නිකුත් කිරීමේ ගැටළුවක් පවතින බවත්, හමාස් සංවිධානය විසින් ප්‍රකාශ කර තිබේ. 

මේ අතර අද දින නිදහස් කිරීමට අපේක්ෂිත ප්‍රාණ ඇපකාරිනියන් තිදෙනාගේ නාම ලේඛනය හැකි ඉක්මනින් ඊශ්‍රායලය වෙත ලබා දෙන බව එම සංවිධානය විසින් රොයිටර්ස් පුවත් සේවය වෙත ප්‍රකාශ කර තිබේ. 

සටන් විරාම අපේක්ෂාවත් සමග අද උදෑසනින් ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ රෆා ප්‍රදේශයෙන් ෆිලඩෙල්ෆියා කොරිඩෝව වෙත ක්‍රමිකව ඉවත් වීම ආරම්භ කළහ.

 

ඊශ්‍රායල් අනතුරු ඇඟවීමෙන් පසු උතුරු ගාසා වැසියෝ දකුණු ගාසා වෙත පලා යති

සටන් විරාමය ආරම්භ කෙරෙන තෙක් ඊශ්‍රායල හමුදාවන්ට ලංවීම සහ ගාසා තීරයේ ඔබ මොබ සැරිසැරීම තහනම් කරමින් ඊශ්‍රායල හමුදා පලස්තීනුවන්ට විශේෂ දැනුම් දීම් ද සිදු කළහ. ඒ අනුව ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ ප්‍රහාර තව දුරටත් දැඩි කර ඇත.

ගාසා තීරයේ එල්ල කළ  නවතම ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ අවම වශයෙන් පලස්තීනුවන් 8 දෙනකුවත් මිය ගොස් 25 දෙනකුට අධික සංඛ්‍යාවක් තුවාළ ලබා ඇතැයි වාර්තා වේ. 


(REUTERS  ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:  
Gaza ceasefire delayed over hostage list

සබැඳි පුවත් :

ගාසා සටන් විරාමය ඇරඹේ 

කුරිරු යුද්ධයක අවසන දකින ගාසා දිනපොත

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්