leader s

හමාස් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන්ගේ මීළඟ කණ්ඩායම ලබන සෙනසුරාදා (25) නිදහස් කෙරේ. හමාස් සංවිධානය ඊයේ (20) ඒ බව දැනුම් දුන්නේය.

ඒ අනුව, ඉදිරි සති කිහිපය තුළ ප්‍රාණ ඇපකරුවන් 90කට අධික පිරිසක් හමාස් භාරයෙන් නිදහස් කිරීමට නියමිතය. නිදහස ලබන ප්‍රාණ ඇපකරුවන් වෙනුවෙන් ඊශ්‍රායල අත්අඩංගුවේ සිටින සිරකරුවන් සහ රැඳවියන් පිරිසක්ද හමාස් සංවිධානය සමග හුවමාරු කෙරේ. 

ඊශ්‍රායල - හමාස් සටන් විරාමය අදියර තුනක් යටතේ ක්‍රියාත්මකය.

 

ප්‍රාණ ඇපකරු නාම ලේඛනය කල් තබා ඊශ්‍රායල පාර්ශ්වය වෙත ලබා නොදීමේ ගැටළුවක් හේතුවෙන් ඉරිදා (20) සටන් විරාම ආරම්භය පමා විය.

මේ අතර ඊයේ, ඊශ්‍රායල හමුදා වෙත සම්මුඛ වූ පලස්තීනුවන් පිරිසක් වෙත එම හමුදා වෙඩි තැබූහ. සටන් විරාමය තුළ පැන නගින මෙවැනි ගැටළු ආමන්ත්‍රණය කිරීමට ඊජිප්තු සහ කටාර් රාජ්‍යයන්ගේ මැදිහත් වීමෙන් සන්නිවේදන කේන්ද්‍රයක් ද පිහිටුවා තිබේ. 

තමන් වෙත එල්ල වන ඕනෑම තර්ජනයක්, ප්‍රති-ප්‍රහාර පිණිස හේතුවන බව දෙපාර්ශ්වයෙන් කිනම් පාර්ශ්වයක් හෝ කල්පනා කිරීම යුද කලාපයක ස්වභාවය බැවින්, සටන් විරාමයක මැදහත් පාර්ශ්වයක් සේ කටයුතු කිරීම ඉතා අසීරු කාර්යයක් බව, කටාර් විදේශ කටයුතු අමාත්‍යංශ ප්‍රකාශක මජීඩ් අලන්සාරි කියා සිටී. 

 

Displaced Palestinians leave parts of Khan Younis as they go back to their homes in Rafah, southern Gaza Strip, Sunday, Jan. 19, 2025. (AP Photo/Jehad Alshrafi)
පැවති ගැටළු හේතුවෙන් සටන් විරාමය ආරම්භ කිරීම සම්බන්ධයෙන් උද්ගතවූ  ප්‍රමාදය අතරතුර ඉරිදා පැය තුනක පමණ කාලයක් ඊශ්‍රායලය, ගාසා තීරයේ අඛණ්ඩ ගුවන් ප්‍රහාර ක්‍රියාත්මක කළේය.

2023 ඔක්තබර් 7 දා, දකුණු ඊශ්‍රායලයේ සිදුකළ හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රායල වැසියන් 1200ක් ඝාතනය වූහ. 250 දෙනකු හමාස්  ප්‍රාණ ඇපයට පත් වූහ. තවත්  කොපමණ  ප්‍රාණ ඇපකරුවන් සංඛ්‍යාවක් තමන් භාරයේ පසුවෙත් දැයි හමාස් සංවිධානය මේතාක් නිල වශයෙන් ප්‍රකාශ කර නැත.

header gaza ceasefire analysis

 

සටන් විරාම ප්‍රථම අදියර තුළ ඔවුන් භාරයේ පසුවන ප්‍රාණ ඇපකරුවන් 30 දෙනකුගේ නාම ලේඛනයක් නිකුත් කිරීමට ද නියමිතය. ඔවුන් අතුරෙන් කොපමණ පිරිසක් තව දුරටත් ජීවතුන් අතර සිටීද, නැද්ද යන්නද ලබන සෙනසුරාදා ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂිතය. 

ගාසා වැසියන්, එම තීරයෙන්  ඉවත්වන ඊශ්‍රායල හමුදා වෙත ආසන්න වීම හැකිතාක් වැලැක්වීමට පියවර ගෙන ඇතැයි, ඊශ්‍රායල හමුදා පවසති. සටන් විරාමය අතරතුර, ඉදිරියේදී ඒ වෙනුවෙන් අදාළ මාර්ගෝපදේශන සහ මාර්ග සිතියම් නිකුත් කිරීමටත්, දැනුම්වත් කිරීමටත් නියමිතය.

ඊයේ මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 915ක් ගාසා තීරයට ඇතුළු වූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවසීය. මූලික සති හයක සටන් විරාමය තුළ දෛනිකව, අවම වශයෙන්, ආධාර ට්‍රක් රථ 600ක් වත් ගාසා  තීරයට ඇතුළු විය යුතුයැයි, එම සංවිධානය පවසයි. ඉන්ධන රැගත් ට්‍රක් රථ 50ක් ද ඊට ඇතුළත් වේ. එම දෛනික ට්‍රක් රථ සංඛ්‍යාවෙන් හරි අඩක් පමණ උතුරු ගාසා තීරය වෙත පිටත් කර හැරේ.

 

පසු ගිය දෙසැම්බර මස පමණක් මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ 2,892ක් ගාසා තීරයට ඇතුළු වී තිබේ. ගාසා දේශ සීමා පසෙක එම ආධාර ගබඩා කෙරෙන අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් බෙදාහැරීම්  සිදු කෙරේ.

(REUTERS ඇසුරින් සටහන | හර්ෂ උදයකාන්ත විසිනි)

මූලාශ්‍ර:
Hamas says next hostages will be released on Saturday as scheduled

Mediators on standby for obstacles as Gaza ceasefire starts

UN says 915 aid trucks entered Gaza on Monday


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්