චන්ද්‍ර ගවේෂණ ව්‍යාපෘතිය ඇතුළු ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සූදානම් බව චීනය කියාසිටී.
චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය අද (3) ප්‍රකාශ කළේ මේ වසරේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම් 2ක් සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි. එම මෙහෙයුම් දෙක සඳහා ගගනගාමී කණ්ඩායම් තෝරා පත් කර ඇති අතර එහි ගගනගාමීන් අදාළ පුහුණු කටයුතු ද මේ වනවිටත් ආරම්භ කර තිබේ.
අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර සහයෝගිතාව වෙනුවෙන් කටයුතු කරමින් ඉදිරි වසරවලදී පාකිස්ථාන ගගනගාමියෙකුට අදාළ පුහුණුව ලබාදෙමින් සිය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යොමු කීරීමට ද චීනය සූදානම්ව සිටී.

2030 වසරට පෙර ගගනගාමීන් සහිත අභ්‍යවකාශ යානය සඳ මතට ගොඩබෑම, චීනයේ ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘතියේ තවත් ප්‍රමුඛ අරමුණකි. මේ වන විට සඳ මතට ගොඩබෑමේ අදියරේ විවිධ පර්යේෂණ කටයුතු සැලසුම් සහගතව පවත්වා ගෙන යන බව ද චීන ගගනගාමීන් සහිත අභ්‍යවකාශ ව්‍යාපෘති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කර ඇත.






