leader s

යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ ඇයිහොඳයිකම් පළුදු වීමත් සමඟ, රුසියන් හමුදා සමඟ සටන් වැදීමට යුක්රේනයට ලබා දෙන සියලුම හමුදා ආධාර නැවැත්වීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.

ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරීන් මේ බව තහවුරු කර ඇතැයි මීට ටික වෙලාවකට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

'ෆොක්ස්' පුවත් සේවය සඳහන් කළේ, මේ වනවිට යුක්‍රේනයේ සිට පෝලන්තය බලා ප්‍රවාහනය වන යුධ ආධාර ද මීට ඇතුළත් බවයි.

 

යුක්‍රේනය ජනාධිපතිවරයාට රුසියාව සමග යුද්ධය අවසන් කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවට මීට පැය කිහිපයකට පෙර ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා ප්‍රකශ කළේ ය.

ඊට හේතුවී ඇත්තේ, අමෙරිකාවේ සහයෝගය යුක්‍රේනයට හිමිවන බවට යුක්‍රේන ජනාධිපතිවරයා තුළ ඇති විශ්වාසය බව ද ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ ය.

මේ අතර ඇමෙරිකා ජනාධිපතිවරයාට ප්‍රතිචාර දක්වමින්, කැනඩාව සහ යුරෝපා සංගමයට අයත් රටවල් වන, බෙල්ජියම, ක්‍රොඒෂියාව, එස්තෝනියාව, ෆින්ලන්නය, අයර්ලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය, ස්ලෝවේනියාව, ස්පාඤ්ඤය සහ ස්වීඩනය ජර්මනිය ඒකමතිකව තීරණය කර ඇත්තේ යුක්රේනයට හැකි පමණින් සහාය පළ කරන බවය.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්